තිස්‌ස යළි එජාපයට එක්‌වීමට උත්සාහ කිරීම ලැඡ්ජ නැති වැඩක් - රන්ජන්

Published in පුවත්
Tuesday, 27 January 2015 08:11
එක්‌සත් ජාතික පක්‍ෂය අත්හැර ගොස්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සමඟ එක්‌වී ඇමැති තනතුරු ලබාගත් තිස්‌ස අත්තනායක මහතා යළි එජාපයට එක්‌වීමට උත්සාහ දැරීම ලැඡ්ජාවක්‌ යැයි සමාජ සේවා සුබසාධන සහ පශු සම්පත් නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසයි. 
 
ඒ මහතා මෙසේද පැවසීය.
 
එජාපය අත්හැර ගිය තිස්‌ස අත්තනායක පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන්ට ඡන්දයට පෙරදා වෙනතුරුම මඩ ගැසුවා.
 
කිසිම ලැඡ්ජාවක්‌ නැති තිස්‌ස අත්තනායක මහතා අද තමන් කරපු ක්‍රියාව ගැන දුක්‌ වෙනවා. ඔහුගේ අරමුණ නැවත එජාපයට හේත්තු වෙන්නයි. තිස්‌ස අත්තනායක මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් සෞඛ්‍ය ඇමැති තනතුර ලබාගත්තේ රනිල් මෛත්‍රී හොර ගිවිසුමක්‌ ගැන හොර අත්සනින් ගහපු ලියවිල්ලක්‌ රටට ප්‍රසිද්ධ කරලයි. 
 
ඔහු හිතුවේ නැහැ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වෙයි කියලා. ඔය හොර ලියවිල්ලේ සුලමුල හෙළි කළොත් ඔහු ගැන ටිකක්‌ හෝ අපට සළකා බැලිය හැකියි. එහෙම නැතිව අත්තනායක මහතා නැවත එකපාරටම එජාපයට ගත්තොත් අපට වෙන කල දසාව මොකක්‌දැයි රන්ජන් රාමනායක මහතා ප්‍රශ්න කර සිටියේය.
 
divaina

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us