එල්ටීටීඊ - රාජපක්ෂ ගනුදෙනු ගැන හෙළිදරව්වක් Featured

Published in පුවත්
Monday, 02 February 2015 11:53

එල්ටීටීඊ සංවිධානය හා රාජපක්ෂ පවුල අතර තිබුණු රහස් සම්බන්ධතා හෙළි කිරීමට රජය සූදානම් වේ. 2005 ජනාධිපතිවරණයේදි එල්ටීටීඊ සංවිධානයට මුදල් ලබා දීමත් 2010 ජනාධිපතිවරණයේදී එම සංවිධානයේ සහය ලබා ගැනීමත් ඇතුළුව රාජපක්ෂ පවුලේ සාමාජිකයන් එම සංවිධානයේ ප්‍රබලයන් සමඟ පැවැත්වූ සම්බන්ධතා මෙහිදී හෙළිදරව් කිරීමට නියමිතය.

එල්ටීටීඊ සංවිධානය සතුව තිබූ නැව්, රත්‍රං, මුදල්, දේපළ වලට සිඳුවූ දැය ගැන පරික්‍ෂණ පැවැත්විය යුතු බවත් 2005 ජනාධිපතිවරණයදී එල්ටීටීඊ සංවිධානය විසින් උතුරු පළාත් ජනතාවට ජන්දය භාවිතා කිරීමෙන් වැලක්වීම ගැන පරික්‍ෂණ පවත්වන බවත් අගමැතිවරයා පසුගියදා පවසා සිටියේය.

එක්සත් ජාතික පක්‍ෂය කොටි සංවිධානය සමඟ සම්බන්‍ධකම් පැවැත්වූ බවට මහින්ද රජය චෝදනා කළ නමුත් ඇත්තෙන්ම කොටින් සමඟ සම්බන්‍ධකම් පවත්වාගෙන ගියේ ඔවුන් බවත් යුරෝපිය රටවල්වල කොටි සංවිධානයට එරෙහි තහනම දීර්ඝ කිරීමට පසුගිය රජය විසින් නිසි උනන්දුවක් නොදැක්වූ බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයා සිය අවසන් අමරිකානු සංචාරයේදී එල්ටීටීඊ සංවිධානයේ නායකයන් හමුවී සාකච්ඡාකළ බවටද වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේදී හෙළි කළේය.

කෙසේ නමුත් මේ වන විටත් එල්ටීටීඊ සංවිධානයෙන් අල්ලා ගන්න ලද රත්තරන් ටොන් 310ක් ජපානයට විකිණීම සම්බන්ධයෙන් වන රහසිගත ගනු දෙනුව ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us