වෙලේ සුදාගේ සාක්ෂි මත තිහ හතලිහක් අත්අඩංගුවට

Published in පුවත්
Tuesday, 03 February 2015 08:37
ජාත්‍යන්තර මත්කුඩු  ජාවාරම්කරුවකු වන අත්අඩංගුවට ගෙන සිටින වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර නමැත්තාගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලට අනුව මේ වනවිට කැබිනට් ඇමැතිවරයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා පොලිස් නිලධාරීන්  20 දෙනෙකු ඇතුළු පුද්ගලයන්  45 ට ආසන්න පිරිසක්  පිළිබඳව තොරතුරු හෙළිවී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 
 
එම පුද්ගලයන් සම්බන්ධයෙන් වන සාක්ෂි  තහවුරු කර ගැනීමෙන් පසුව ඉදිරි දින කිහිපය තුළ අත් අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු යොදා තිබෙන බවද වාර්තා වෙයි. 
 
වෙලේ සුදා සම්බන්ධයෙන් මෙතෙක් පරීක්ෂණ කටයුතු කළ අපරාධ අංශ නිලධාරීන් අධීක්ෂණය කිරීමට සහ පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීමට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට පැවරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ. 
 
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා කලක් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයා ලෙසට කටයුතු කර තිබෙන අතර, මේ නිසා පරීක්ෂණ කටයුතු ඔහු වෙත පවරා දින 07 ක් තුළ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමටත් සැලසුම් කර ඇත. 
 
මේ අතර අත් අඩංගුවේ සිටින වෙලේ සුදා ලබන 05 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (02දා) රහස් පොලීසියට නියම කළේය.
 
මාස 06 ක කුඩු ජාවාරමෙන් රුපියල් කෝටි 17 කට අධික මුදල් හා දේපළ හිමිකර ගත් බවට වෙලේ සුදාට ඔහුගේ බිරිඳට හා ඥාති සහෝදරියකට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකාද තෙන්නකෝන් ලිවේරා මහත්මිය එලෙස නියම කළාය.
 
2010 ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා කරන ලද හෙරොයින් ජාවාරමෙන් අදාළ මුදල් හා දේපළ හිමිකරගෙන සිටින බවට මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ගම්පල විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා, ඔහුගේ බිරිඳ වන ගයනි ප්‍රියදර්ශණී සහ ඥාති සහෝදරියක වන කේ.ඒ. වසන්ති ප්‍රියදර්ශණී යන තිදෙනාය.
 
පාකිස්තානයේ සිට හෙරොයින් ජාවාරම් සිදුකළ වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර නමැත්තා එරටදී අත්අඩංගුවට ගෙන ජනවාරි 12 වැනිදා මෙරටට රැගෙන එනු ලැබිණි. 
ඉන් පසුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් මාස 03 ක රැඳවුම් නියෝග මත ඔහුව රඳවා ගනිමින් ප්‍රශ්න කරමින් සිටියි.
 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us