මහින්ද, රූපවාහිනියට කෝටි 50ක පොල්ලක් තියලා

Published in පුවත්
Tuesday, 03 February 2015 08:41

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ජාතික රූපවාහිනිය විකාශනය කළ වෙළෙඳ දැන්වීම් සඳහා අය විය යුතු රුපියල් කෝටි පනහකට ආසන්න මුදල ලබාගැනීමට අධිකරණය වෙත යෑමට කටයුතු කරමින් සිටින බව ජාතික රූපවාහිනියේ සභාපති සෝමරත්න දිසානායක මහතා පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාගේ ඡන්ද දැන්වීම් ජාතික රූපවාහිනියෙන් දිනපතාම විකාශය කර ඇති අතර මහින්ද රාජපක්‍ෂ මහතා පෙනී සිටින "අප්පච්චි" ගීතය ද දිනකට හයහත් වතාවක්‌ ප්‍රදර්ශනය කර ඇති බව පැවසේ.

මෙම ඡන්ද දැන්වීම් නොමිලේ ප්‍රචාරය කිරීම පිළිබඳව දැනටමත් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇතැයි ද සභාපතිවරයා පැවසීය.

මෙම මැතිවරණයේදී ස්‌වාධීන රූපවාහිනියෙන් ද මෙවැනි දැන්වීම් විකාශය කර ඇතත් දැනට කරන ලද පරීක්‍ෂණ අනුව එම දැන්වීම්වලට මුදල් අයකර ඇති බව ස්‌වාධීන රූපවාහිනියේ සභාපති ගංගානාත් දිසානායක මහතා පැවසීය.

- දිවයින

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us