නිදහස් දිනයට විශේෂ රථ වාහන සැලැස්මක්

Published in පුවත්
Tuesday, 03 February 2015 08:50

නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ආශ්‍රීත මාර්ග කිහිපයක් හෙට(4) වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි‍.

ඒ අණුව උදෑසන 6 සිට 11දක්වා කිඹුලාවල හන්දියේ සිට කියැන්හැම් වටරවුම දක්වා ජපන් මිත්‍රත්ව පාළම, පොල්දූව හංදිය සිට පාර්ලිමේන්තුව දෙසට ඇති පාර්ලිමේන්තු පාර, එච්.එන්.බී.වටරවුම සිට කියැන්හැම් වටරවුම, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, පැලවත්ත හංදියේ සිට කියැන්හැම් වටරවුම දක්වා වූ පැලවත්ත පාර, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය ඉදිරිපිට ඇති මාර්ග වසා තැබේ.

එදිනට බත්තරමුල්ල 171 බස් නැවතුම්පොළ මා‍ලඹේ දක්වා දහවල් 11 දක්වා ගෙන යන බව ද පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිදහස් දින රථවාහන රාජකාරි සහ අනෙකුත් රාජකාරි සඳහා තුන්දහසක පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව ද සඳහන් කරයි.

ඉහත කාලය තුළ විකල්ප මාර්ග භාවිත කර සිදුවන අපහසුතා මඟහරවා ගන්නා ලෙස එම මාර්ග භාවිත කරන්නන්ගෙන් පොලිසිය ඉල්ලා සිටී.

map

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us