ජවිපෙ වසන්තට එරෙහිව ඇමැති චම්පික උසාවි යයි

Published in පුවත්
Wednesday, 04 February 2015 09:26

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා තමන් කිසිදු කැබිනට් සන්දේශයක් හෝ ඊට අදාළ කිසිදු පියවරක් ගෙන නොමැති බව විෂය භාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රකාශය පදනම් විරහිත සාවද්‍ය ප්‍රකාශයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් නීතිමය පියවර ගන්නා බව ඒ මහතා අවධාරණය කරයි.

අමාත්‍යාංශය මඟින් නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

නිලධාරීන්ගේ අවශ්‍යතාවට වැටුප් වැඩිකර ගත නොහැකි අතර පෙර සාමාන්‍යාධිකාරීවරයා විසින් අත්තනෝමතිකව තම ඉන්ජිනේරු ප්‍රජාවගේ පමණක් වැටුප් වැඩිකර ගැනීමක් සඳහා වැඩපිළිවෙළක් අභ්‍යන්තරව ක්‍රියාත්මක වී තිබේ. ඒ පිළිබඳ සම්පූර්ණ විස්තර තමන් වෙත වාර්තා වී තිබෙන බව ඇමැති චම්පික පවසයි. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදු කරන ලෙස ලංවිම පාලන අධිකාරියට ඇමැතිවරයා නියෝග කර තිබේ. ඒ අනුව වත්මන් උප සභාපති නිහාල් වික්‍රමසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ඇමැති චම්පික රණවක පවසයි.

මීට පෙර විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යටතේ ජවිපෙ ක්‍රියාකාරීන් තමන්ගේ සියලු අවශ්‍යතා ඉටුකර ගනිමින් නිද්‍රාශීලීව පසුවීම සම්බන්ධයෙන් තමන් පුදුමයට පත් නොවන බවත්, තමන් විදුලි බල ඇමැතිවරයාව සිටි සමයේදී ජවිපෙ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තමන්ට සමීප අත්දැකීම් පවතින බවත් ඇමැති චම්පික රණවක පෙන්වා දෙයි.

මින් ඉදිරියට බලශක්ති ක්‍ෂේත්‍රයේ වංචාවට, දූෂණයට හෝ අක්‍රමිකතාවට කිසිදු ඉඩක් නොමැති බවද ඇමැති චම්පික රණවක අවධාරණය කර සිටී. සිදු වූ සහ සිදුවන සියලු දූෂණයන් පිළිබඳ විස්තර තමන් සතුව පවතින බවත්, ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගැනීමට නොපසුබට වන බවත් ඇමැති චම්පික රණවක අවධාරණය කර සිටී.

මේ සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරන්නේ , 'පාඨලී අමාත්‍යවරයා මට නඩු පවරන තෙක් බලා ඉන්නවා. අප ළඟ සියලු තොරතුරු තිබෙනවා.

මේ සියලු කරුණු දූෂණ විරෝධී ව්‍යාපාරය ළඟ ඇති බැවින් අප අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත මේවා ගැන පැමිණිලි කරනවා..ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරුවන්ට පමණක් බලපාන ලෙස සියයට 30% සිට 120% දක්වා වැටුප් වැඩි කිරීම හෙළි කිරීම නිසා තමන්ට විරුද්ධව නඩු දමන එක නෙවෙයි කළ යුත්තේ, එම තීරණය නතර කිරීම නොවේදැයි විදුලිබල හා බල ශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාගෙන් විමසා සිටිනවා. යනුවෙනි


මව්බිම ඇසුරෙන්

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us