තංගල්ල සභාපති අවුරුදු 20කට හිරේට (ඡායාරූප)

Published in පුවත්
Friday, 18 July 2014 11:02

තංගල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයෙකු වූ කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, තංගල්ල හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට බරපතළ වැඩසහිත වසර 20 ක සිරදඬුවම් නියම කර තිබේ.

මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය මීට නොබෝ වේලාවකට පෙර මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කළාය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශිය සභා සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණි.

ඒ පිළිබඳ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී විත්තිකරුවන් දෙදෙනෛකු නිදහස් කර ඇත.

කොළඹ මහාධිකරණය හමුවේ අදාළ නඩුව වසර දෙකහමාරක පමණ කලයක් විභාගයට ගැනුණු අතර පසුගියදා පැමිණිල්ලේ හා විත්තියේ දේශන වලින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අදට කල්දැමිණ.

තංගල්ල ප්‍රදේශයේ හෝටලයකදී කුරාම් ෂෙයික් නැමැත්තා ඝාතනය කර ඔහුගේ පෙම්වතිය වු රුසියානු ජාතික තරුණියක සමුහ දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් එවකට තංගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව එසේ චෝදනා එල්ලවී තිබුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට බ්‍රිතාන්‍ය හා රුසියානු තානාපති කාර්යාලවල නිලධාරින් ද පැමිණිලි පාර්ශවයේ ඥාතීන් ද සහභාගී සිටි බව වාර්තා විය.

අදාළ චෝදනා සම්බන්ධයෙන් වන නඩු විභාගය කොළඹ මහාධිකරණය හමුවේ විශේෂ නඩු කටයුත්තක් ලෙස විභාගයට ගැනුණු අතර නඩු විභාගය පිළිබඳ දෙස් විදෙස් නිරික්ෂකයන්ගේ දැඩි අවධානය යොමුව තිබුණි.


අධිකරණයෙන් පිටත ජනතාව රැස්ව සිටි අයුරු පහත ජායාරුපයේ දැක්වේ.

TangalleTangalle-8 Tangalle-7Tangalle-6Tangalle-5Tangalle-4Tangalle-3Tangalle-2Tangalle-1

Last modified on Friday, 18 July 2014 14:33

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us