ගණිතය ණයට දී A/L කළ හැකියි

Published in පුවත්
Friday, 18 July 2014 11:35

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ගණිත විෂය අසමත් ශිෂ්‍යයන් පාසල් පද්ධතිය තුළ රඳවාගැනීමට වූ ඓතිහාසික තීන්දුවකට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (17දා) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂය අසමත් සිසුන්ට එම විෂයය අවුරුදු දෙකක් ඇතුළත සමත් වීමට අවස්ථාව ලබාදීම සිදු කරන බව ඒ මහතා සඳහන් කළේය.

සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් අතරින් 2013 වර්ෂයේ 12.64 ක්ද, 2012 වර්ෂයේ 12.91 ක්ද ගණිතය විෂය අසමත්ව තිබූ බවත්, මෙවැනි දරුවන් අනෙක් විෂයන් සමත්ව තිබුණත් සම්පුර්ණ විභාගය අසමත් ලෙසට ගණන් බැලන නිසාවෙන් මෙම තීරණය ගැනීම හේතුවූ බව රඹුක්වැල්ල මහතා පවසා සිටියේය.

නව තීරණයට අනුව ගණිතය අසමත් සිසුන්ට උසස් පෙළ කලා විෂය ධාරාවට අමතරව උසස් පෙළට තාක්ෂණ විෂය ධාරාවේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය හැදෑරීමට අවස්ථාව උදාකර දී ඇත.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us