‍රනිල්-මහින්ද ගල උඩ සටන. දේශපාලන අනාථයන්ගේ හීන Featured

Published in පුවත්
Tuesday, 10 February 2015 11:28

පළමු විධායක අගමැති රනිල්ද ..මහින්දද.. එන මැතිවරණය ගල උඩ සටනක් මැයෙන් විමල් වීරවංශගේ වෙබ් අඩවියේ පුවතක් පළ කර ඇත. ඊට අදාල කර ගෙන ඇත්තේ ඊයේ විමල් වීරවංශ, වාසුදේව නානයක්කාර, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ තොරතුරු ගොන්නකි.

මෙහිදී ඔවුන් පැවැසූ කිසිදු දෙයක වැදගැම්මක් නොමැති බැවින් ඒ ගැන කතා නොකරමි.

මොවුන්ගේ ඇත්ත ප්‍රශ්නය වන්නේ මීළඟ පාර්ලිමේන්තු ආසනයක් ලබා ගැනීමේ ගැටලුවයි. මේ කිසිවකුට තනිවම තරග‍කර ආසනයක් හෝ දිනා ගත නොහැකි බව සිහිබුද්ධිය ඇති ඕනෑම අයකුට අමාරුවක් නැතුව පිලිගත හැකි සත්‍යයකි. මේ සිව් ගොල්ල එකතුව ද ඒ සිදු කළ හැකි දෙයක් නොවේ. ඔවුන්ගේ අනාථභාවය අසරණ භාවය ඒතරම්ම විශාලය.

පරාජිත හිටපු ජනාධිපතිවරයා මූලික කරගෙන අලුත් ව්‍යාපාරයක් ගොඩ නඟන්නට උත්සහ කරමින් සිටින්නේ ඒ වෙනුවෙනි. එහිදී ඔවුන් පෙන්වා දෙන්න හදන්නේ ලක්ෂ 58 ක ඡන්ද කුට්ටියක් තමන් වෙත තිබෙන බවත් ඒ අනුව එජාපයට හා ශ්‍රී ලනීපයට තරගයක් දී ආණ්ඩුවක් පිහි‍ටුවීමේ හැකියාව තමන්ට තිබෙන බවය.

එහෙත් ඔවුන්ද දන්නා සත්‍ය අනුව මහින්ද රාජපක්ෂ ක්‍රියාකාරීව එම මැතිවරණයට ඉදිරිපත් වූවද ඡන්ද ලක්ෂ 10ක්වත් ගත නොහැකි බවය.

මන්ද අවසන් ජනාධිපතිවරණයේදී රාජපක්ෂ එම ඡන්ද ප්‍රමාණය ලැබුවේ කවර සාධක පදනම් කරගෙනද එමෙන්ම ඉදිරි මහ මැතිවරණයකදී එම සාධකයන්හි ‍වලංගු භාවයක් තිබේද යන්න ගැන මෙම පිරිස නොදන්නවා නොවේ.

කොටින්ම මහින්ද රාජපක්ෂට මහ මැතිවරණයකට ඉදිරිපත්වී කියන්නට දෙයක් තව ඉතුරු වී ඇති දැයි නොදනිමි.

මෙම දේශපාලන අනාථයන්ගේ වුවමනාව පැහැදිලිය. ඒ මහින්දව පෙන්වා මීලඟ පාර්ලිමේන්තුවට රිංගීමේ තැතය. මහින්දට අනුකම්පා කර කිසිවකු හෝ ඡන්දයක් දිය හැකි මුත් මේ තක්කඩියන්ට කුමකට ඡන්දය දිය යුතුද?

මෙහිදී මහින්ද රාජපක්ෂගේ රෙද්ද අස්සේ රිංගා සිටි මේ තක්කඩියන් පරාජයෙන් පසුව සිටින්නේ ගල උඩ රී ගත් බළලුන්ගේ තත්වයට වැටී ය. ඒ අනුව ගල උඩ රී ගත් වුන් දැන් පත්ව ඇති තත්වය 'ගල උඩ සටන' ලෙස හැඳින්වීම වඩා තර්කාණුකූලය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us