සුදර්මන් රක්ෂිත බන්ධනාගාරයට(update)

Published in පුවත්
Tuesday, 10 February 2015 11:57

සුදර්මන් රදලියගොඩ අධිකරණයට භාරවෙයි

ස්වාධීන රූපවාහිනි සේවයේ ප‍්‍රවෘත්ති අංශයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩ අද (10)පෙරවරුවේ අධිකරණයට භාර වී ඇත.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී පාසල් සිසුවෙකු යොදාගෙන ජනාධිපතිවරණ අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අපහාස කිරීමේ ප‍්‍රවෘත්තියක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

සුදර්මන් රදළියගොඩ මහතා අද පෙරවරුවේ කොළඹ ප‍්‍රධාන මහාධිකරණයට භාර වී ඇත.ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ඔහුව ලබන 24 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

සිරිසේන මහතා සිය ඡන්ද ව්‍යාපාරයට බාල වයස්කාර දරුවකු යොදා ගත්තැයි රදළියගොඩ එම මාධ්‍ය මඟින් ප්‍රචාරය කළ බවත් එවැන්නක් සිදු නොවූ බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

රදළියගොඩට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නීති උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ නීතීඥ සේපාල රත්නායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බවද පොලීසිය සඳහන් කළේය.

ඔහු මේ වන විට රටින් පිටව ගොස් ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.

මෙම ව්‍යාජ ප‍්‍රවෘත්තිය නිර්මාණය කිරීමට පහසුකම් ලබා දුන් බවට සැකපිට ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු එහි සේවය කරන පොලිස් නිළධාරීන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන්ගෙන් සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සහකාර පොලිස් අධිකාරීවරයා හට අධිකරණයෙන් ඇප නියම වී තිබේ.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සංජය ගමගේ මහතා ප්‍රකාශ කළේ, ඔහුට ඉහළින් සිටින නිලධාරියෙකු වන අනුර සිරිවර්ධන මහතා කළ නියමයක් අනුව සැකකරු මෙය සිදු කර ඇති බව ය.

ඒ අනුව, අනුර සිරිවර්ධන මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය.

 

සබැදි පුවත්

සුදර්මන්ටත් රට යන්න තහනම්

Last modified on Tuesday, 10 February 2015 14:10

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us