රනිල් - මෛත්‍රී අත්සන් මගඩියට අනුරගෙන් දයාසිරිගෙන් කටඋත්තර ලබාගනී

Published in පුවත්
Wednesday, 11 February 2015 07:58

දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් සකස් කර ඇති කූට ලේඛනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර යාපා සහ වයඹ පළාත් මහ ඇමැති දයාසිරි ජයසේකර මහත්වරුන්ගෙන් රහස් පොලිසිය කට උත්තර ලබාගෙන තිබේ.

එවකට විපක්ෂ නායකව සිටි රනිල් වික්‍රමසිංහ මහතා සහ එවකට ජනාධිපති අපේක්ෂකයකුව සිටි මෛත්‍රීපාල සිරිසේන යන අය විසින් උතුරේ හමුදාව සහ කඳවුරු සියයට හැටක් ඉවත් කරන බවට සඳහන් ව්‍යාජ ගිවිසුමක් තිස්ස අත්තනායක මහතා විසින් සකස් කර එය ප්‍රචාරය කර තිබිණි.

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ එය ප්‍රචාරය කිරීමටද පියවර ගෙන තිබිණි. එය ප්‍රචාරය කරන අවස්ථාවේ අනුර යාපා මන්ත්‍රීවරයා සහ දයාසිරි ජයසේකර මහතාද එහි සිටි බව කියයි.

එමෙන්ම මේ ව්‍යාජ ගිවිසුම සැකසීම සම්බන්ධයෙන් සිංහල පුවත්පත් කතුවරයකුගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් අරංචි මාර්ග පවසයි.

මේ කූට ලේඛනයේ ඇතුළත් කරුණු මඟින් ජාතීන් අතර අසමඟිය, භේද භින්න වීම ඇතුළු ජනතාව තුළ අස්ථාවර තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ කළේ යැයි රහස් පොලිසිය සැක කරයි.

එම කූට ලේඛනය සම්බන්ධව විපක්ෂ නායකව සිටි රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා අවසානයේ රහස් පොලිසිය තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම ව්‍යාජ ගිවිසුම 1987 ජනාධිපති පත්කර ගැනීමේ පනත යටතේ එන බරපතල වරදක් වෙයි.

එම පනතට අනුව හිතාමතාම එවැනි වරදක් කළ පුද්ගලයකුට නීති මඟින් බරපතළ දඬුවම් හිමි වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා කීය.

Last modified on Wednesday, 11 February 2015 08:00

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us