අනුර සේනානායක ඉල්ලා අස්වෙයි

Published in පුවත්
Tuesday, 03 March 2015 06:27

බස්නාහිර පළාත් භාරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා වෙත භාර දී තිබේ.

මීට සතියකට පමණ පෙර ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇත. අනුර සේනානායක මහතා විශ්‍රාම යාමට තවත් මාස ගණනාවක් තිබියදී මෙම ඉල්ලා අස්වීම භාර දී තිබීම සම්බන්ධව පැහැදිලි හේතුවක් ඉදිරිපත් කර නැත.

මේ අතර අනුර සේනානායක මහතා බියගම විලේජ් හෝටලයේ අධිපති ඝාතනයට සම්බන්ධ යැයි ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි කිහිපයක ඊයේ (02) පළ වී තිබිණි.

එම ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍ය කරුණක් බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා රහස් පොලිසිය පවත්වන පරීක්ෂණවල දී අනුර සේනානායක මහතාගේ නම කෙසේවත් සඳහන් වි නැති බව පැවසීය. තවද එම අසත්‍ය ප්‍රවෘත්තිය පළ කළ ආයතන වෙත නිවැරදි කිරීමේ ලිපි යවා ඇති බව අජිත් රෝහණ මහතා කීය.

Last modified on Tuesday, 03 March 2015 10:04

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us