කොළඹ-ත්‍රි’මලය ළමයින් පැහැරගත් නාවික හමුදා කල්ලිය මවුපියන්ගෙන් කප්පම් අරන්

Published in පුවත්
Tuesday, 03 March 2015 06:32

කොළඹ, ත්‍රිකුණාමලය සහ තවත් ප්‍රදේශ ගණනාවක දී 2008 - 2009 වසරවල අතුරුදන් වූ ළමයින් පැහැර ගත් බවට සැකකරන නාවික හමුදා කණ්ඩායම එම ළමයින්ගේ මවුපියන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ලබාගෙන ඇති බව ද අනාවරණයවී තිබේ.

එසේ මුදල් ලබා ගත්තද එම ළමයින් කිසිවෙකුත් ආපසු මාපියන් වෙත බාර නොදී මේ වනතෙක් අතුරුදන් කර ඇත. සිංහල, දෙමළ, මුස්ලිම් ළමයින් දස දෙනෙක් එසේ අතුරුදන්වී ඇත.

මේ අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසියට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් අදාළ පැහැර ගැනීම්වලට සැකකරන නාවික හමුදා කණ්ඩායමේ සිටි විශේෂ විමර්ශන ඒකකයෙන් සොයා ගත් අතුරුදන් ළමුන්ගේ හැඳුනුම්පත් ගණනාවක් 2010 වසරේදී පොලිස්පතිවරයා වෙත බාර දී තිබේ.

ඒ අනුව මේ අතුරුදන්වීම් සම්බන්ධව පරීක්ෂණ ආරම්භවී ඇත්තේ 2010 වසරේදීය. වසර පහක් තිස්සේ පැවැති පරීක්ෂණයෙන් අනතුරුව එම නාවික හමුදා විශේෂ විමර්ශන ඒකකය බාරව සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් සහ තවත් නාවික හමුදා භටයන් 6 දෙනෙකුගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර ඇත.

මේ අතුරුදන් ළමුන් අ.පො.ස. සාමාන්‍ය පෙළ, අ.පො.ස. උසස් පෙළ සහ විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබු අයද වෙති. මේ ළමුන් පළාත් කිහිපයකින් පැහැර ගැනීම්වලට ලක්වී ඇතත් එය එකම කණ්ඩායමක් විසින් සිදුකර ඇති බවට රහස් පොලිසියට තොරතුරු අනාවරණයවී ඇත.

තවද මේ ළමයින් පැහැරගෙන කප්පම් ලබාගෙන ඉන් අනතුරුව ඔවුන් මරා දමා තිබේද යන සැකය රහස් පොලිසියට ඇතිවී තිබේ. මේ ළමයින් පැහැර ගැනීමෙන් අනතුරුව දෙමාපියන් සමඟ දුරකථන ඇමතුම් හරහා කතා කර ඇති බව ද අනාවරණයවී තිබේ. මේ අපරාධයට දැනට සැකකරන නාවික හමුදා විශේෂ විමර්ශන ඒකකය කොළඹ කොටුව ප්‍රදේශයේ 2008 – 2009 වර්ෂවල පිහිටුවා තිබිණි.

 

dinamina ඇසුරෙණි

Last modified on Tuesday, 03 March 2015 10:12

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us