සංවර්ධන ව්‍යාපෘති නැවැතීමෙන් 60,000ක් මහපාරේ - අමරවීර

Published in පුවත්
Friday, 13 March 2015 07:35

වත්මන් රජය විසින් පසුගිය රජය විසින් ක්‍රියාත්මක කර තිබූ සංවර්ධන ව්‍යාපෘති නතර කිරීම නිසා සේවකයන් හැට දහසකට අධික සංඛ්‍යාවකගේ රැකියා අහිමි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවැසීය.

මීට අමතරව රාජ්‍ය ආයතන, සංස්ථා සහ අධිකාරිවල සේවයේ නිරත වී සිටී සේවකයින් රැසක් ඉන් ඉවත් කර ඇති බවත් තවත් පිරිසක් කිසිඳු පදනමකින් තොරව මාරුකර කර ඇති බවත් හෙතෙම කීවේය.

සිය පාක්ෂකයින්ට සිදුවන අඩම්තේට්ටම් හා බලපෑම් පිළිබඳ සිය පක්ෂය විසින් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පෙරේදා (11) පැවැති මාධ්‍ය හමුවේදි මන්ත්‍රීවරයා ප්‍රකාශ කෙළේය.

බහුතර බලයක් නොමැතිව තිබියදීත් එක්සත් ජාතික පක්ෂය මෙවැනි ක්‍රියාවන්වල නිරත වන්නේ නම් ඔවුන්ට ස්ථාවර බලයක් ලැබුන හොත් කෙසේ හැසිරේදැයි සිතාගැනීමට නොහැකි බව ඒ මහතා කියා සිටියේය.

මහා මාර්ග සංවර්ධ අමාත්‍යාංශයේ සේවකයන් ගෙන යන උපවාසයට ජනාධිපතිතුමාගේ පණිවුඩය රැගෙන ගියද මේ වෙනතෙක් ඊට විසදුම් නොලබුනේ ඇයි දැයි මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා පවසා සිටියේ මේ රජය ජනාධිපතිතුමා කියන දේවල් නොකරන තත්ත්වයට පත්ව ඇති බවය.

මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය. මේ ප්‍රශ්නය විසඳාගෙන තමයි තිබුණේ. එහෙත් මේ විරෝධතාවයේ යෙදෙන වැඩි පිරිසක් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරනවා. එම නිසා ඊට එම දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමැතිවරයෙක් සම්බන්ධ වෙලා විසදුම් ලබාදෙන්නම් කියළා. ඒකෙන් වුනේ විසදිලා තිබුණ ප්‍රශ්නය යළි අර්බුදකාරිත්වයක පත්වුනා කියලා එම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් අප සමඟ කිව්වා. මේ ආණ්ඩුව ඇතුලේ ඉන්න මැති ඇමැතිවරුන්ගේ අර්බුද නිසා අහිංසක ජනතාවට තමයි විදවන්න වෙලා තිබෙන්නේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us