උත්සව දෙකට භාතිය සංතුෂ්ට ලක්ෂ 400ක් ගෙවලා

Published in පුවත්
Friday, 13 March 2015 07:47

නාගරික සංවර්ධන ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයට අයත් ආයතන දෙකකින් පසුගිය පාලන සමයේ දී පැවැති උත්සව දෙකකට සහභාගී වූ භාතිය සංතුෂ් සංගීත කණ්ඩායමට රුපියල් ලක්ෂ හාරසියයක මුදලක් ගෙවා ඇතැයි හෙළිදරව් වී ඇත.

බෙල්ලන්විල වේරැස්ස ගඟ සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූ මේ සංගීත කණ්ඩායමට ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවෙන් රුපියල් ලක්ෂ 270ක්ද, ශාන්ත ජෝන් මාළු වෙළෙඳපොළ ප්‍රතිනිර්මාණය කරමින් විවෘත කළ අවස්ථාවේදී පැවැති උත්සවයේදී නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මේ ගායන ශිල්පීන් දෙදෙනාටම රුපියල් ලක්ෂ 130ක් වශයෙන් ගෙවා ඇතැයිද හෙළිදරව් වී ඇත.

මේ අනුව මේ සංගීත කණ්ඩායමට උත්සව අවස්ථා දෙකකදී රුපියල් ලක්ෂ හාරසියයක මුදලක් ගෙවා ඇති බවට අනාවරණය වී ඇත. පසුගිය පාලන සමයේදී රජයේ උත්සව අවස්ථා ‍රැසක් මෙම ගායකයන් දෙදෙනාගේ සමාගමට ලබා දී තිබු අතර ඒවෙනුවෙන් අධික මුදලක් ගෙවූ බවටද එවකට චෝදනා එල්ලවී තිබිණි.

පසුගිය වකවානුවේදී නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයට අයත් මේ ආයතනවල සිදුව ඇති දූෂණ හා වංචා රැසක් සම්බන්ධයෙන් මේ ආයතන වල ජාතික සේවක සංගමයේ නියෝජිතයන් විෂයභාර ඇමැතිවරුන්ට පැමිණිලි කර ඇත.

එමෙන්ම මේ සියලු ආයතන වල සිදුව ඇති දූෂණ හා වංචා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමටද විෂය භාර ඇමැතිවරුන් තීරණය කැර ඇත. එමෙන්ම පසුගිය ජනාධිපතිවරණය සමයේදී ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන ගණනාවක සිදුව ඇති දූෂණ, වංචා, මුදල් අවභාවිතයන් රාජ්‍ය සම්පත් මැතිවරණයට යොදා ගැනීම ආදිය සම්බන්ධයෙන් කරුණු රැසක් ජාතික සේවක සංගමය හෙළිදරව් කර ඇත.

werassaganga-bns.1

Last modified on Friday, 13 March 2015 07:48

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us