අද සිට දුම්රිය තලෙයිමන්නාරමට

Published in පුවත්
Saturday, 14 March 2015 09:14

වසර 25කට පසු තලෙයිමන්නාරම් තොට සිට දුම්රිය ධාවනය ඉන්දීය අගමැතිතුමා සහ අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11.50ට ආරම්භ කිරීමට නියමිතය.

තලෙයිමන්නාරම - මැදවච්චිය දුම්රිය මාර්ගයේ තලෙයිමන්නාරම සිට මඩු දක්වා කොටස විවෘත කිරීම ශ‍්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ වැදගත් හැරවුම් ලක්‍ෂයක් බව දුම්රිය සාමාන්‍යාධිකාරී විජය අමරතුංග මහතා පවසයි. මෙම විවෘත කිරීමත් සමග උතුරේ සියලූ දුම්රිය මාර්ගවල ඉදිකිරීම් ද අවසන් වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

තලෙයිමන්නාරම සහ මඩු අතර දුම්රිය මාර්ගයේ දුර ප‍්‍රමාණය කිලෝමීටර 63ක් පමණ වේ. ඒ සදහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 143කි. මෙය ඉන්දීය රජයේ මුදල් ආධාරයක් බවද විජය අමරතුංග මහතා කියා සිටියේය.

කොළඹ සිට තලෙයිමන්නාරම දක්වා ඍජු දුම්රිය ගමන් ආරම්භ වන්නේ ලබන මස 02 වැනිදා සිටය. ඒ දක්වා දුම්රිය දෙකක් යොදා ගනිමින් කොළඹ සිට තලෙයිමන්නාරම දක්වා ගමන් කළ හැකි බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us