යාපනය පුස්තකාලය සහ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම ද ඔහුගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරෙනු ඇත. යාපනයේ කෙරෙන මෙම සංචාරයේ දී එහි සැබෑ තත්ත්වය සියැසින්ම දැක බලා ගැනීමට ද ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාට හැකිවනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
මේ අතර කොළඹ සහ අවට ප‍්‍රදේශ කිහිපයක අදත් විශේෂ රථ වාහන ධාවන සැලැස්මක් ක‍්‍රියාත්මකයි. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වුවා පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා.
පෙරවරු 8.15 සිට 8.45 දක්වා ද පස්වරු 3.15 සිට 4.30 දක්වාද ගාලු මෝදර ඉදිරිපිට ගාලු පාර,NFA වටරවුම, ලෝටස් පාර, සෙරමික් හන්දිය, රීගල් වටරවුම,චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත, කොම්පඤ්ඤ විදිය පොලිස් ස්ථානය ඉදිරිපිට වටරවුම දක්වාද එමෙන්ම පස්වරු 6.15 සිට 6.45 දක්වා ගාලුමෝදර ඉදිරිපිට ගාලු පාර, කොල්ලුපිටිය, ධර්මපාල මාවත, ලිබර්ඩි වටරවුම, ආර්.ඒ.ද මැල් මාවත, තර්ස්ටන් පාර ඔස්සේ ඉන්දියන් නිල නිවාසය දක්වා විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වේ.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසුණු අග‍්‍රාමාත්‍යවරයා ද්විපාර්ශ්වික ගිවිසුම් 04ක් අත්සන් තැබීමේ අවස්ථාවට ද සහභාගි වුයේය. නරේන්ද්‍ර මෝදි මහතා ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා ද මුණ ගැසුණු අතර ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප‍්‍රකාශයක් ද කළේය. ශ්‍රී ලංකාව ලබන දියුණුව ඉන්දියාවේ ප්‍රබෝධයට හේතු වෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය.
ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (14)අනුරාධපුරය, තෙලයිමන්නාරම සහ යාපනයේ සංචාරයක නිරතවේ. මෙම සංචාරයේදී අනුරාධපුර රුවන්වැලි මහසෑය සහ ජය ශ‍්‍රී මහබෝධීන් වහන්සේ වැදපුදා ගැනීමට අග‍්‍රාමාත්‍යවරයා අපේක්‍ෂා කරයි. තලෙයිමන්නාරමේ දී, තලෙයිමන්නාරම - මැදවච්චිය දුම්රිය මාර්ගයේ තලෙයිමන්නාරම සිට මඩු දක්වා කොටස විවෘත කිරීමට අග‍්‍රාමාත්‍යවරයා සුදානමින් සිටී.
Leave a comment
Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...