රාජපක්ෂලාට ගොට්ට අල්ලන දිස්ත්‍රික් ලේකම්වරුන් ගැන චෝදනා

Published in පුවත්
Sunday, 15 March 2015 16:34

පසුගිය පාලන සමයේදී රාජපක්ෂවාදී ලෙස කටයුතු කළ දිස්ත්‍රික් ලේකම් වරුන් ගනනාවක් ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට හා අගමැති වරයා වෙත පැමිණිලි ‍රැසක් ලැබී ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම නව ආණ්ඩුව පත් වීමෙන් පසුව රජයෙ සංවර්ධන කටයුතු හිතා මතා අඩපණ කර නව ආණ්ඩුව සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන ඒවා නැතැයිද එම කටයුතු අත් හි‍ටුවා ඇතැයිද ආදී වශයෙන් කොන්ත්‍රාත්කරුවන්ට දැනුම් දීමත් අඩක් නිම කර තිබු සංවර්ධන කටයුතු හේතුවෙන් මහජනතාව අපහසුවට පත් කිරීමට කටයුතු කිරීමත් මොවුන් විසින් සිදු කොට ඇත.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මැදිහත් වී නාගරික සංවර්ධන අධිකාරිය හා මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සිදුකෙරුණු මාර්ග සංවර්ධ ව්‍යාපෘති ගනනාවක්ම මෙලෙස නවතා දමා ඇත. මෙම ව්‍යාපෘති සඳහා දිස්ත්‍රික් ලේකම්වරු වෙත මුදල් වෙන් කිරීම සිදු කොට ඇත්තත් දිස්ත්‍රික් ලේකම්වරු විසින් දැන් එම අමාත්‍යාංශය නැති බවත් එම නිසා එම සංවර්ධන කටයුතු සිදු නොවන බව ඇතැම් ප්‍රදේශිය ලේකම් වරුන්ට ප්‍රාදේශීය සභා වලටද දැනුම් දී ඇති බවත් වාර්තා වේ.

ඇතැම් දිස්ත්‍රික් ලේකම්වරුන්ට එරෙහිව ජනතාව එක්වී අධිකරණ ක්‍රියාමාර්ගද ගනු ලැබීය. පසුගියද කැස්බෑව අධිකරණයේදී කහතුඩුව ප්‍රදේශයේ මාර්ගයක් අඩක් නිමකර අතහැර දැමීම සම්බන්ධ නඩුවක් විභාග වූ අතර වහාම එම සංවර්ධන කටයුතු නිමකළ යුතු බවට අධිකරණ නියෝගයක්ද නිකුත් කරනු ලැබීය. මෙහිදී කහතුඩුව පොලීසියද දිස්ත්‍රික් ලේකම්වරයාට එරෙහිව ජනතාව වෙනුවෙන් කරුණු දැක්වීමට ඉදිරිපත්ව සිටීම විශේෂ සිදු වීමක් විය. එමෙන්ම මෙලෙස කැස්බෑව ප්‍රදෙශයේ මාර්ග සංවර්ධ ව්‍යාපෘති 4ක් මුදල් නැතැයි කියමින් අත් හැර දමා ඇති බවත් හෙළිවිය.

ඒ කෙසේ නමුත් වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික් ලේකම් වරු ගනනාවක් කට ස්ථාන මාරු වීම ලබා දීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කටයුතු කොට ඇත.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී.කුමාරසිරි මහතා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙතත්, මාතලේ දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ හෙලන් මීගස්මුල්ල මහත්මිය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ලෙසත් ස්ථාන මාරුවිම් ලබා දී තිබේ.

මීගස්මුල්ල මහත්මියගෙන් පුරප්පාඩු වන මාතලේ දිස්ත්‍රික් ලේකම් තනතුර සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතා මාරුකර යවා ඇති බව වාර්තාවෙයි.

එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ නිමල් අබේසිරි මහතා බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස මාරුකර යවා තිබේ.

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us