19 සංශෝධන ගැසට් පත්‍රය මුද්‍රණයට

Published in පුවත්
Monday, 16 March 2015 07:04

ජනාධිපති බලතල අවම කිරීමට ප්‍රමුඛතාව ලබා දෙමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඊයේ(15) සවස පැවැත්වූ විශේෂ කැබිනට් රැස්වීමේ දී අනුමැතිය ලබාදී අදාළ ගැසට් පත්‍රය මධ්‍යම රාත්‍රියේ මුද්‍රණය කිරීමට පියවර ගෙන තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වන කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා-

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් විශාල පිරිසක් මේ සඳහා පැමිණ සිටියා. මේ කෙටුම්පතේ සඳහන් කරුණු අටක් පිළිබඳ මෙහිදී එකඟතාවකට පැමිණියා. පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිවරයාට ඇති බලතල ඉවත් කිරීම, අධිකරණය ඉදිරියේ ජනාධිපතිවරයාගේ භුක්තිය ඉවත් කිරීමට එකඟ වුණා.

ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරු පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබුනත් මීට පසු ඒක පත් කරන්න පුළුවන් යම් කිසි නිර්නායක යටතේ පමණක්. ජනාධිපති ධූර කාලය අවුරුදු හයේ සිට පහ දක්වා අඩු කරන්න තීරණය කළා. කැබිනට් මණ්ඩලය තිස් දෙනකුට අඩු කිරීමටත්, කැබිනට් නොවන සහ නියෝජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාව හතලිහකට සිමා කිරීමටත් තීන්දු කළා. වරදකරුවන්ට සමාව දීමේ බලය පාවිච්චි කරන්නෙත් යම් නිර්නායකයන්ට යටත්ව පමණයි කියලා තින්දු කළා.

එකම ප්‍රශ්නයයි තිබුනෙ. රටේ රාජ්‍ය නායකයා සහ සේනාධිනායකයා ජනාධිපති වුනත් ආණ්ඩුවේ නායකයා ලෙස අගමැතිවරයා පිළිගැනීම නිසා ආණ්ඩුවේ නායකයා වශයෙන් අගමැතිවරයා ජනාධිපතිවරයා පිළිගත යුතුයි යන දැඩි ස්ථාවරයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටීමෙන්. ඒ අනුව අවසාන කෙටුම් පතට ජනාධිපතිවරයා රාජ්‍ය නායකයාත් සේනාධිනායකයා මෙන්ම ආණ්ඩුවේ නායකයා බවට මේ පවතින ජනාධිපතිවරයා පත් වුණා. ඒ අනුව මේ කෙටුම් පත අද(15) දවල් දෙකට පැවැත් වූ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමේ දී දීර්ඝව සාකච්ඡා කර සම්මත කළා. ඒ අනුව මධ්‍යම රාත්‍රි දොළහට මේ ව්‍යවස්ථා කෙටුම් පත ගැසට් කිරීමට තින්දු කළා.

Last modified on Monday, 16 March 2015 07:15

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us