රට පැන්න ගෝඨාගේ ලේකම්වරියව වහා කැඳවනු ! ගාල්ල මහෙස්‌ත්‍රාත්

Published in පුවත්
Friday, 20 March 2015 08:33

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශ හිටපු ලේකම්වරයාගේ අත් අකුරු පරීක්‍ෂාව සඳහා ඔහුගේ අත්සන සහිත ලේඛන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස ගාල්ල මහෙස්‌ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය ඊයේ (19 දා) රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කළාය. මහෙස්‌ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක්‌ සැලකිල්ලට ගනිමිනි.

මෙයට අමතරව දැනට විදේශගතව සිටින රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ඩී. එම්. එස්‌. ජයරත්න මහත්මිය නැවත ලංකාවට කැඳවන ලෙස ද මෙහිදී මහෙස්‌ත්‍රාත්වරිය ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නියෝග කළාය.

එමෙන්ම මහනුවර නමැති නැවේ තිබෙන පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ අවසන් නොමැති නිසා පරීක්‍ෂණ කාලසීමාව දීර්ඝ කරන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කරනු ලැබූ ඉල්ලීම පිළිගත් මහෙස්‌ත්‍රාත්වරිය එම කාලසීමාව මාර්තු මස 30 වැනි දින දක්‌වා දීර්ඝ කිරීමට ද නියෝග කළාය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස්‌ පරීක්‍ෂක පී. ඩී. හේවාවඩු මහතා අධිකරණයට වැඩි දුරටත් කරුණු වාර්තා කරමින් කියා සිටියේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාගේ අත්සන් අත් අකුරු පිළිබඳ විශේෂඥවරයා වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය නිසා ඔහුගේ අත්සන් සහිත 2010 - 2013 කාලසීමාවල ලේඛන පහක්‌ හෝ දහයක්‌ ලබාදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝගයක්‌ නිකුත් කරන ලෙසය.

මෙහිදී පාවෙන අවි ගබඩාව තිබෙන නැව අයත් සිලෝන් ෂිපින් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසීක්‌ සරූක්‌ මහතා අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් මෙම නැව වසර හතළිහක්‌ පැරණි එකක්‌ බවත් එහි රක්‍ෂණ කාලසීමාව මෙම මස 31 වැනිදායින් අවසන් වන නිසා අවි සහිත කන්ටේනර් විසිදෙක වෙනත් නැවක පැටවීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

නැව පැරණි නිසා එහි තෙල් කාන්දුවක්‌ සිදුවුව හොත් වරායටත් පරිසරයටත් හානියක්‌ ඇතිවිය හැකි නිසා සමාගම වෙනත් නැවක්‌ ලබාදීමට ද සූදානම් බැව් නැව් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසීක්‌ සරුක්‌ මහතා පැවසීය.

මෙයට අමතරව නැවේ කාර්ය මණ්‌ඩලයේ සිටින එකොළොස්‌ දෙනා මේ වන විට දැඩි වෙහෙසට පත්ව සිටින නිසා ඔවුන්ට නිවාඩු ලබාදීමට වෙනත් කාර්ය මණ්‌ඩලයක්‌ පත්කිරීමට අවසර ලබාදෙන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා සිටියේ ඒ සම්බන්ධ නීතිපති උපදෙස්‌ ලබාගත යුතු බවයි.

මෙම කරුණු සැලකිල්ලට ගත් මහෙස්‌ත්‍රාත්වරිය මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස්‌ ලබාගෙන අධිකරණයට වාර්තා කරන ලෙස ද එම වැඩිදුර වාර්තා මාර්තු 26 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද වැඩිදුරටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

 

divaina

Last modified on Friday, 20 March 2015 08:39

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us