කැටපත් පවුරේ කුරුටු ගෑ තරුණියට සමාව දෙන්න පුළුවන්ද ? - ජනපති

Published in පුවත්
Friday, 20 March 2015 08:41

සීගිරි කැටපත් පවුරේ කුරුටු ගෑ තරුණියට නියම කර තිබෙන සිරදඬුවම ලිහිල් කර ඇයට සමාව දිය හැකි ද යන්න පිළිබඳ සොයා බලන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණ ඇමැතිවරයාට දැනුම් දී ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

සින්නතම්බි උතේනී නමැති තරුණියට ජනාධිපති සමාව ලබා දෙන ලෙස තමන් ජනධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාරයක්‌ ලෙස ජනාධිපතිවරයා අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතාට මෙම දැනුම්දීම කර ඇතැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

මඩකලපුවේ පදිංචි මෙම තරුණියගේ මව දියණිය නොදැන කළ වරදට සමාව ලබා දෙන ලෙස දේශපාලනඥයන්ගෙන් මෙන්ම රටෙන්ම ඉල්ලා සිටි බව පැවසූ අජිත් පී. පෙරේරා මහතා ඒ අනුව තමන් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කළ බව ද කීය.

අදාළ තරුණිය සිය සේවා ස්‌ථානයේ පිරිසක්‌ සමඟ ගිය විනෝද චාරිකාවකදී මෙම සිද්ධිය වී ඇතැයි ද කී ඇමැතිවරයා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 34 වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඇයට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා සිටි බව ද කීය.

 

divaina

Last modified on Friday, 20 March 2015 08:51

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us