පසුගිය රජය රාජ්‍ය මාධ්‍යට බිලියනයක් ණයයි

Published in පුවත්
Wednesday, 25 March 2015 10:44

පසුගිය රජය සමයේ දැන්වීම් පළ කිරීම වෙනුවෙන් රජයේ මාධ්‍ය ආයතන සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත අය විය යුතු රුපියල් බිලියනයක හිඟ මුදලක් වහාම ගෙවීමට පියවර ගන්නැයි එකී දැන්වීම් පළ කළ ආයතන වෙත දැනුම් දීමට රජය තීරණය කර තිබේ.

ජාතික රූපවාහිනියට රුපියල් මිලියන 206.1 ක්, ගුවන් විදුලි සංස්ථාවට රුපියල් මිලියන 51.7 ක්, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට රුපියල් මිලියන 124.9 ක්, ස්වාධීන රූපවාහිනී සේවයට රුපියල් මිලියන 89.2ක්, වසන්තම් රූපවාහිනියට රුපියල් මිලියන 4 ක්, වසන්තම් ගුවන්විදුලියට රුපියල් මිලියන 11 ක්, ලක්හඬ ගුවන්විදුලියට රුපියල් මිලියන 6ක්, සැලසිනේ ආයතනයට රුපියල් මිලියන 14.1ක් සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 592.6ක් ලෙස මෙසේ හිඟ මුදල් අය වීමට තිබෙන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

මෙකී මුදල් වහාම අදාළ ආයතන වෙත ගෙවීමට පියවර ගන්නැයි අදාළ ආයතන වෙත දන්වා යැවීමට ඇමැති මණ්ඩලය පෙරේදා (23) රැස්වූ අවස්ථාවේ තීරණය කළ බවද ඇමැතිවරයා සඳහන් කෙළේය.

පසුගිය රජය රාජ්‍ය ආයතනවල මුදල් නාස්ති කළ අන්දම මෙයින් මනාව පැහැදිලි වන බව ද ඇමැතිවරයා සඳහන් කෙළේය.

ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.

dinamina

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us