SMS කරලා දුක් ගැනවිලි කියන්න

Published in පුවත්
Wednesday, 23 July 2014 15:35

රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් මහජන දුක්ගැනවිලි සඳහා සහන සැලසීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබේ.

මෙම මහජන දුක්ගැනවිලි සඳහා සහන සැලසීමේ ක්‍රමවේදය ජනතා භාවිතයට විවෘත කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ

මෙහි මුලික අදියරට අධ්‍යාපන, පරිසර,ගොවිජන සංවර්ධන වනසංරක්ෂණ, වාරිමාර්ග, වනජීවී සංරක්ෂණ, යන දෙපාර්තමේන්තුත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයත් අයත් වෙයි.

දැනට මහජනතාවට මෙම ආයතන මගින් නිරාකරණය කර ගත යුතු දුක්ගැනවිලි ඉදිරිපත් කර විසඳුම් ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

ඉදිරි කාලයේ දී අනෙකුත් ආයතන මෙම ක්‍රියාවලිය සඳහා සම්බන්ධ කර ගැනීමට නියමිතය.

www.complainps.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1919 දුරකථන අංකයෙන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් හෝ අදාළ ආයතන වල පිහිටුවා ඇති මහජන අවධාන කවුලු වලට යොමුකිරීමෙන් මහජන ගැටලු විසඳා ගැනීමට පහසුකම් සලසා ඇත.

එමෙන්ම එම දුක්ගැනවිල්ලේ වත්මන් තත්ත්වය කෙටි පණිවිඩයක් මගින් හෝ විද්‍යුත් ලිපියක් මගින් දැනගැනීම සඳහාද පහසුකම් සපයා ඇත.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us