ජෙය කුමාරිගේ දියණියත් නිදහස්

Published in පුවත්
Friday, 27 March 2015 11:45

කිලිනොච්චි, මහා දේව ළමා නිවාසයේ රැඳවුම් භාරයේ සිටි බාලචන්ද්‍රන් ජෙය කුමාරිගේ දැරිය වන බාලචන්ද්‍රන් විභූෂිකා වහා නිදහස් කරන ලෙස කිලිනොච්චි මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ රැඳවුම් භාරයෙන් නිදහස් වී පැමිණි බාලචන්ද්‍රන් ජෙය කුමාරි විසින් තම දරුවා ළමා නිවාස භාරයෙන් නිදහස් කරන ලෙස කිලිනොච්චිය අධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබූ බව කිලිනොච්චිය පොලීිසිය පැවසුවේය. එය විභාගයට ගනිමින් කිලිනොච්චි මහේස්ත‍්‍රාත් එම්.අයි සහබ්දීන් මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

එල්.ටී.ටී.ඊ සංවිධානයට නැවත පන පෙවීමට උත්සහ කළ ගෝබි නැමැත්තාට රැකවරණය ලබා දීමේ චෝදනාව මත බාලචන්ද්‍රන් ජෙය කුමාරි පසුගිය වසරේදී කිලිනොච්චි ධර්මපුරම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව ඇගේ දැරියද පරිවාස හා ළමා රක්ෂක අධිකාරිය විසින් අධිකරණ නියෝගයකට අනූව කිලිනොච්චි මහා දේව ළමා නිවාසය වෙත භාර දීමටයි පියවර ගනු ලැබුවේය.

සබැදි පුවත්

විබූසිකා දැරියටත් ත්‍රස්ත අපරාධ චෝදනාවක්

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us