පෞද්ගලික බැංකු පාලනයත් යහපාලනයට

Published in පුවත්
Saturday, 28 March 2015 19:59

රනිල් වික්‍රමසිංහ-මෛත්‍රීපාල සිරිසේන යහ පාලන ආණ්ඩුව පුද්ගලික බැංකු අංශයේ පාලනයද මේ වන විට සියතට ගනිමින් පසුගිය රජය යටතේ රාජ්‍ය අංශයේ කොටස් අයිතිය වෙනුවෙන් පත් විම් ලැබ සිටි පුද්ගලික බැංකු සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනෙකුට ඉල්ලා අස්වෙන ලෙසට බල කෙරෙන ලිපි යොමු කර ඇති බව අදාල බැංකු හා මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන බව රන්දොර වෙබ් අඩවිය වාර්තා කරයි. 

ඒ අනුව , මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ උපදෙස් මත අදාල ලිපි යොමු කර ඇති බව සදහන්ය.මෙසේ පත්ව සිටි බොහෝමයක් සභාපතිවරු හිටපු මහ බැංකු අධිපති නිවාඩ් කබිරාල් මහතාගේ ළඟම හිතවතුන් විම මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවද වාර්තා කියයි.


මේ අනුව,හැටන් නැෂනල් බැංකුවේ සභාපති රාණි ජයමහ සහ අධ්‍යක්ෂ විලි ගමගේ යන අය මෙම පදවි හැර යාමට තිරණය කර ඇති අතරේ ජාතික සංවර්ධන බැංකුවේ සභාපති සුනිල් විජේසිංහ මහතාටද අදාල බලපැම් මත ස්වකිය ඉල්ලා අස්විම අද ප්‍රකාශයට පත් කළ බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.මේ බව කොළඹ කොටස් වෙළෙඳ පොළ නිල නිවේදනද අද තහවුරු කළේය.

මේ අතරේ සම්පත් බැංකුවේ සභාපති ධම්මික පෙරේරා වෙනුවට කලක් කොමාර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂව සිටි හා හැරි ජයවර්ධන පාර්ශ්වයට අයත් Melstacorp හි කළමනාකාර අධ්‍යක්ෂ ලෙස දැනට කටයුතු කරන අමිත ගුණරත්න මහතා පත් කිරිමට ආණ්ඩුව උත්සාහ ගන්නා බවද මෙම වාර්තා පවසයි.

ජාතික සංවර්ධන බැංකුවේ නව සභාපතිවරයා ලෙස Hayleys සමුහයේ කලින් සභාපතිව සිට් N.G. (Tanky) Wickramaratne මහතා පත් කිරිමට නියමිත බවත් මෙම වාර්තා පවසයි.මෙයට අමතරව තවත් තොරතුරු තාක්ෂණ හා නීති වෘත්තියේ පරිණත පුද්ගලයින් දෙදෙනෙකුද බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට අලුතින් එක් විමට නියමිතව ඇති බවද වාර්තා කියයි.මෙම පිරිස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා කොටස් අයිතිය නියෝජනය කරන බවද සදහන්ය.

හැටන් නැෂනල් බැංකුවේ සභාපති ධුරයට කලින් ජනාධිපති නීතිවේදි රියන්සි අර්සකුලරත්න මහතා පත් කිරිමට උත්සාහ ගත්තද ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බැවින් මෙම සභාපති ධුරයේ (තාවකාලික) සභාපති ලෙස එහි අධ්‍යක්ෂ /හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති රෝස් කූරේ මහත්මිය මේ වන විට කටයුතු කරන බව මෙම වාර්තා සදහන් කළේය.මෙහි වාර්ෂික මහ සභා රැස්විම මෙම 30 දා පැවැත්විමට නියමිතය.

මේ අතරේ පෑන් ඒෂීයා බැංකුවේ රජයට අයත් සියයට 06 ක පමණ කොටස් ප්‍රමානය වෙනුවෙන් නව අධ්‍යක්ෂවරයෙකුද (චන්ද්‍රෙස්න මහතා) පත් කිරිමට නියමිත බව වාර්තා කියයි.

කෙසේවෙතත්,කොමාර්ෂල් හා සෙලාන් බැංකුවේ සභාපතිවරුන්ටද මෙසේ ඉල්ලා අස්වන ලෙස බලපැම් සිද්ධ වි ඇත්දැයි තහවුරු කර ගැනිමට අප මුදල් අමාත්‍යාංශය හරහා ගත් උත්සාහ සාර්ථක නොවිය.


බැංකු හා මුල්‍යායතන නියාමනය කරන මහ බැංකුව තමන්ම කළමනාකරණය කරන සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් යොදා ඒවායේ කොටස් මිලදි ගැනිම පිළිබඳව පසුගිය දිනවල දැඩ් විවේචන තිබිණි.


වත්මන් රජය යටතේ එම ආයෝජන අඩු කිරිම පිළිබඳව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බවද නියෝජ්‍ය ඇමතිවරයෙකු ඊයේ අපට පවසා සිටියේය.


වාණිජ බැංකුව - රජයේ හිමිකාරිත්වය (31/12/2014)


හැටන් නැෂනල් බැංකුව - 28.38 % (ශ්‍රී ලංකා රක්ෂණ/EPF/NSB/ETF)

ජාතික සංවර්ධන බැංකුව - 33.23% (BOC/ශ්‍රී ලංකා රක්ෂණ/EPF/ETF)

කොමාර්ෂල් බැංකුව - 20% (EPF/ශ්‍රී ලංකා රක්ෂණ)

සෙලාන් බැංකුව - 9.75% (EPF/ETF)

පෑන් ඒෂියා බැංකුව - 6.1 %(සමෘර්ධි සහ ශ්‍රී ලංකා ඉතිරිකිරිමේ බැංකුව)

සම්පත් බැංකුව - 12.51% (EPF/ETF)

DFCC - 34.3% ((BOC/ශ්‍රී ලංකා රක්ෂණ/EPF/ETF)

මෙයට අමතරව ලංකා බැංකුව හා මහජන බැංකුවේ සම්පුර්ණ හිමිකම රජය සතුය.

randora.lk

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us