LTTE සංවිධානය නැවත තහනම් වෙයි

Published in පුවත්
Saturday, 28 March 2015 20:10

යුරෝපා සංගම් අධිකරණයක් විසින් ලබාදුන් තීන්දුවද නොසලකා හරිමින් එල්.ටී.ටි.ඊ. සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.මෙය වත්මන් රජය ලැබූ ජයග්‍රහණයක් බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.

ඊයේ රැස් වූ යුරොප් කවුන්සිලය ගත් මෙම තීරණය හේතුවෙන් යුරෝපා සංගමයේ රටවල් 28ක් තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස තවදුරටත් ලැයිස්තු ගතකොට තිබේ.

යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ. තහනම යළි දීර්ඝ කිරීම වත්මන් රජයේ විදේශ ප්‍රතිපත්තියේ ශක්තිමත්භාවය පිළිඹිබු කරන අවස්ථාවක් බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.

මෙම ජයග්‍රහණයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇති බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත හිස එසවීම වැලැක්වීම සඳහා ප්‍රඥා‍වන්තව කටයුතු කරන වර්තමාන ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය තහවුරුවීමක් මෙමගින් සිදුවන බවත් අජිත් පී පෙරේරා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us