වෙලේ සුදාගෙන් සල්ලි ගත්තු නිළියන් 6 ක් මාට්‍ටු

Published in පුවත්
Friday, 03 April 2015 12:24

මේ වන විට අත් අඩංගුවේ පසුවන ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර ගෙන් මුදල් ලාබාගත් ජනප්‍රිය නිළියන් 6 දෙනෙකු ගැන තොරතුරු හෙළිව තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මත් කුඩු ජාවාරමට සම්බන්ධ මන්ත්‍රීවරයකු හා වෙලේ සුදා මුදල් ගනු දෙනු සිදු කර ඇත්තේ මෙම නිළියන් 6 දෙනා මඟිනි. ඒ වෙනුවෙන් මම නිළියන්ගේ නමින් ඇති බැංකු ගිණුම් යොදාගෙන ඇති අතර ඔවුන්ගේ නම් වලින් යාන වාහන ඉඩකඩම් ආදියද ලබා ගෙන ඇත. මේ රහස ‍රැකීම වෙනුවෙන් මන්ත්‍රීවරයා ඔවුන්ටද මාසිකව මිලියන් ගනනින් ගෙවීම් කර ඇති බවද හෙළිව ඇත.

කෙසේ නමුත් වෙළේ සුදා හා මන්ත්‍රීවරයා අතර සෘජුව ගනුදෙනු සිදුව ඇති බවට ඔප්පු කිරීමට හැකියාවක් තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් හෙළිව ඇති තවත් තොරතුරු අනුව මෙම නිළියන් කිසිවකුත් වෙලේ සුදා යනු කවරෙක්දැයි දැන සිට නොමැති අතර ඔවුන්ට ලැබුණු ඇතැම් විදේශ සංචාර වලදී වෙලේ සුදා සමඟ සංවාසයේ යෙදී ඇති බව මෙම නිළියන් දැනගෙන ඇත්තේද වෙලේ සුදා අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ ඡායාරූප මධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වීමෙන් පසුව බවත් මේ ගැන තොරතුරු දත් පාර්ශ්ව පවසති.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us