ටෙන්ඩර් පටිපාටියෙන් තොර ව්‍යාපෘති වලට ඉඩ නෑ

Published in පුවත්
Friday, 03 April 2015 14:57

පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ දී ටෙන්ඩර් කැදවීමකට ප්‍රතිචාර වශයෙන් නොව ව්‍යාපෘති යෝජකයා විසින් සිය කැමැත්තෙන් ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න අද (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

ටෙන්ඩර් කැදවීමක් නොලද ඇතැම් ව්‍යාපෘති යෝජනා වල මිල ගණන් තීරණය වන්නේ තරගකාරී පදනමකින් නොවන බැවින් එමගින් රටට දැරිය නොහැකි පිරිවැයක් ද දැරීමට සිදුවූ බව බව ඔහු පැවසුවේය.

මෙම තත්වය නිසාම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබුණි.
. ටෙන්ඩර් කැදවීමකින් තොරව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කෙරෙන ව්‍යාපෘති යෝජනා ප්‍රතිපත්තියක් වශයෙන් පිළිනොගැනීම
. අනාගතයේදී එවැනි සියලු යෝජනා සම්බන්ධයෙන් රජයේ ටෙන්ඩර් පටිපාටිය අනුව කටයුතු කිරීම
. දැනට විවිධ මට්ටමින් ක්‍රියාත්මක වන යෝජනා සමාලෝචනය කොට රටට විශේෂිත ආර්ථිකමය වටිනාකමක් ලැබෙන එක් එක් යෝජනා අමාත්‍යමණ්ඩලයේ අනුමැතිය සදහා ඉදිරිපත් කිරීම

මෙම යෝජනා සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව රාජිත සේනාරත්න මහතා පැවසුවේය.ඒ අනුව ඉදිරියේදී රටට අනවශ්‍ය පිරිවැයක් දැරීමට සිදු නොවනු ඇති බව ඔහු අවධාරණය කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us