ජාතිවාදි ආගම්වාදී කතා තහනම් ! ගැසට් පත්‍රය ළඟදීම

Published in පුවත්
Friday, 03 April 2015 15:34

ආගමික හා වාර්ගික එදිරිවාදිකම්වලට අනුබල දෙන ආකාරයේ අදහස් දැක්වීම් තහනම් කිරීමටත් එසේ සිදු කරන්නන්ට දඩුවම් පැමිණවීමටත් අවශ්‍ය ප්‍රතිපාදන දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කොට නීති කෙටුම්පත් සම්පාදක මණ්ඩලයක් විසින් සම්පාදනය කරනු ලැබූ සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ අනුමැතිය සදහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යන යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

‍කැබිනට් මණ්ඩලය අනුමත කරනු ලැබූ මෙම යෝජනාව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද්දක් බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා අද (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

ශ්‍රී ලංකාව අත්විදිනු ලැබූ සන්නද්ධ අරගලය දෙස ආපසු හැරී බලා සාමය ගොඩනගන යුගයක් උදා කර ගැනීමේ අභිලාෂයෙන් උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම පත් කෙරුණි.පසුගිය දශක පහක කාලය තුළ සිදු කෙරුණු වෛරය දනවන ස්වරූපයේ අදහස් පළකිරීම් වාර්ගික අසමගියට දායක වී ඇති ආකාරය කොමිසම විසින් නිරීක්ෂණය කර ඇත.

ජනවාර්ගිකත්වය සහ ආගම සම්බන්ධයෙන් සිදු කරන වෛරය දනවන ප්‍රකාශනයන් නිසා සිදු වන හානි වැළැක්වීමට නීති පැනවිය යුතු බවත්,එම නීති තරයේම බලාත්මක කළ යුතු බවට එම කොමිසම ද නිර්දේශ ඉදිරිපත් කර තිබු බව රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us