මෛත්‍රී - රනිල් - චන්ද්‍රිකා 19 ගැන විශේෂ සාකච්ඡාවක

Published in පුවත්
Thursday, 09 April 2015 07:18

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පැවති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඊයේ පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙනම හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට තිබේ.

එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විවාදයට තුඩු දී ඇති කරුණු කිසිවක් සාකච්ඡා නොවුණු බව දැන ගැනීමට තිබේ. කෙසේ නමුත් මෙම ව්‍යවස්ථා සංශෝධයනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගේ අදහස තවමත් ප්‍රකාශ වී නැත.

එමෙන්ම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සම්බන්ධයෙන් දැනට මතු වී ඇති ගැටලු නිරාකරණය කරගැනීම පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා උදෑසන පැවති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ සිය වගකීම ඉටු කරමින් ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කළ බවටත්, පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් සහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය සිය වගකීම ඉටු කරමින් එය සම්මත කර ගැනීම සඳහා උදව් කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා හිටපු ජනාධිපතිනිය හමුවේ ප්‍රකාශ කළ බව දැන ගැනීමට තිබේ.

Last modified on Thursday, 09 April 2015 07:36

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us