ගෘහ සේවිකාවන් රට පැටවීම නතර කළ යුතුයි - අගමැති

Published in පුවත්
Thursday, 09 April 2015 10:48

ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් විදේශ ගත සේවාවන් වලට යැවීම නතර කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගියදා(08) අමරිකානු වානිජ මණ්ඩලය සංවිධානය කළ උත්සව අවස්ථාවකදී ඔහු මේ බව පැවැසීය.

තොරතුරු තාක්ෂණ සේවාවන් සඳහා 2050 වසරවන විට බිලියනයක සේවක ඉල්ලුමක් ඇති වන බවත් ඒ සඳහා අවශ්‍ය අලෙවි ක්‍රමෝපායන් ගොඩ නැඟීම අප විසින් සිදු කළ යුතු බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.

විශේෂයෙන්ම අප විදේශීය වෙළඳපොළ ඉලක්ක කරගෙන අපේ ශ්‍රම බලකාය හැඩ ගැස්විය යුතු බවත් අමරිකාව චීනය ඉන්දියාව හා සිංගපූරුව අපට යා හැකි වෙළඳ පොළවල් බවත් පෙන්වා ඔහු දුන්නේය. තොරතුරු තාක්ෂණය හැරුණු කොට කෘෂිකර්මාන්තය නවීන ක්‍රමවේදයන් ඔස්සේ දියුණු කර සුළුපරිමාන ගොවියන්ගේ ආර්ථික හැකියාව දියුණු කළ හැකි බවත් ඔහු පැවැසුවේය.

මෙම අවස්ථාවට මෙරට හා අමරිකානු ව්‍යාපාරිකයන් ‍රැසක් සහභාගී වී සිටි අතර පෞද්ගලික ව්‍යවසායකත්වයන් වර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. මේ අවස්ථාවට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න හා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිව් විජේසිංහ සහභාගී වූ අතර ඔවුන්ද සිය අදහස් පළ කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us