ශ්‍රීලනිප මැයි රැලියට අනුර යාපා, මහින්දට ඇරයුම් කරයි

Published in පුවත්
Friday, 10 April 2015 08:03

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහා ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා ඊයේ (9) සවස මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාලය වන නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ගොස් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ උපදෙස් මත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රීලනිප යේ මැයි දිනයට සහභාගී වන ලෙසට ආරාධනා කළේය.

හිටපු ජනාධිපතිවරයා සහ පළාත් පාලන ආයතනවල නියෝජිතයන් අතර සාකච්ඡාව පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම්වරයා පැමිණීම නිසා "තව එනවා... තව එනවා....." යැයි කියමින් පළාත් පාලන ආයතන නියෝජිතයෝ ප්‍රීති ඝෝෂා පැවැත්වූහ.

නමුත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම්වරයා තමන් පැමිණි කාරණාව හිටපු ජනාධිපතිවරයාට දැනුම් දුන් විට පළාත් පාලන නියෝජිතයන් සමඟ පවත්වන සාකච්ඡාව අවසන් කර එනතුරු රැඳී සිටින්නැයි හිටපු ජනාධිපතිවරයා මහ ලේකම්වරයාට දැනුම් දී ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති අපේක්‍ෂකත්වය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් නොදෙන්නේ නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැයි දින රැලිය වර්ජනය කරන බව මෙහිදී දකුණු පළාත් පාලන ආයතනවල නියෝජිතයෝ අවධාරණය කළහ.

Last modified on Friday, 10 April 2015 08:06

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us