TNA මහ ඡන්දෙදි රටම අල්ලයි ! Featured

Published in පුවත්
Friday, 10 April 2015 13:05

උතුරු නැගෙනහිර දෙපළාතට සීමා වී සිටින දෙමළ ජාතික සන්ධානය එළඹෙන මහ මැතිවරණයේදී දිවයිනේ සියළූම දිස්ත්‍රික්ක සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සැලසුම්කරමින් සිටී.

මේ වන විට ඒ සම්බන්ධ සාකච්ඡා ආරම්බ වී තිබේ. මෙහිදී බස්නාහිර හා මධ්‍යම පළාත් නියෝජනය කරමින් පවතින දෙමළ හා මුස්ලිම් ජාතිකත්වයන් මත පදනම් වූ අනෙක් දේශපාලන පක්ෂ හා තරගකාරිත්වයකට නොගොස් ඒකාබද්ධව තරග කිරීමටද දෙමළ ජාතික සන්ධානය බලාපොරොත්තුවේ.

මේවන විටත් සංඛ්‍යාත්මක පදනමින් (15) පාර්ලිමේන්තුව තුල තුන්වෙනි බලවේගය ලෙස සිටින එම සන්ධානයට එළඹෙන මහ මැතිවරණයෙන් පසුව වැඩි ඡන්ද ප්‍රමාණයක් සිය පක්ෂයට ලබා ගෙන වැඩි නියෝජිත පිරිසක් සමඟ වඩා ප්‍රබලව රටේ තුන්වෙනි බලවේගය ලෙස පහසුවෙන් ගොඩනැගීමටත් හැකි බව එම සන්ධානයේ තක්සේරුවයි. මහ මැතිවරණයේදී අවශ්‍යතාවය අනුව දෙමළ ජාතික සන්ධානයේ නම වෙනුවට වෙනත් නාමයක් යටතේ සන්ධාන ගත වීමට වුව ඔවුන් සූදානම් බව අනෙක් පක්ෂ හා කළ සාකච්ඡාවලදී එකඟ වී තිබේ.

මෙහිදී ජාතිකත්වයේ සීමාවෙන් ඔබ්බට ගිය ජාතික දේශපාලන අරමුණක් වෙනුවෙන් මෙරට ප්‍රගතිශීලී පක්ෂ හා සිවිල් සංවිධාන ඒකරාශී කර ගැනිමටත් දෙමළ සන්ධානය අපේක්ෂා කරයි. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ හා අතුරලියේ රතන හිමිගේ පිවිතුරු හෙටක් ව්‍යාපාරය සමඟ වන පුළුල් දේශපාලන සන්ධානයක් ඇති කර ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමට ද දෙමළ ජාතික සන්ධානයේ බලාපොරොත්තුවේ. මේ වන විටත් එහි මූලික සාකච්ඡාවන් ආරම්බ කිරීමට දෙමළ ජාතික සන්ධානයේ ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සමත්ව තිබෙන බව එම සන්ධානයේ ආරංචි මාර්ග පවසයි.

කෙසේ නමුත් දෙමළ ජාතික සන්ධානය හා මේවන විට එක්ව සිටින දේශපාලන කොටස් අතරෙන් මධ්‍යස්ථ මතධාරීන් උතුරු නැගෙන හිර දෙමල ජානතාවගේ ගැටළුව වෙනුවෙන් මෙරට බහුතර සිංහල ජනතාවට එකඟ විය හැකි විසඳුමක් පිළිගත යුතු බවට මතයක් ගොඩ නගමින් සිටින අතර මෙම උත්සාහයට එරෙහිව දෙමළ ඩයස්පෝරාවේ එල්ටීටීඊ හිතවාදී කොටස් හා මෙරට සිටින ඔවුන්ගේ නියෝජිතයන්ගේ විරෝධය දැනටමත් පළ වෙමින් තිබේ. උතුර හා නැගෙනහිර වෙනම කලාපයක් ලෙස පවත්වාගෙන යායුතු බවත් එහි දේශපාලනය කොළඹ මධ්‍යම ආණ්ඩුවට පාලනය කිරීමට ඉඩ දිය යුතු නැති බවත් එම කොටස්වල අදහස වී තිබේ.

මෙම බාධක හමුවේ පවා දෙමළ ජාතික සන්ධානය ජාතික දේශපාලනයට අවතීරණය වීමේ සූදානම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. ජාතීන් අතර සහජීවනය වෙනුවෙන් වූ ප්‍රගතිශීලී පියවරක් ලෙසද ඒ සැලකිය හැකි බව මේ සම්බන්ධයෙන් තතු දන්නා දේශපාලන විචාරකයන් පවසති.

අප්‍රේල් 21 වන දින හෝ මැයි මස 05 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට මේ වන විට ජනාධිපතිවරයා ඇතුළුව ආණ්ඩුවේ දේශපාලකයන් විසින් අදහස් පළ කරමින් තිබේ.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us