මැතිවරණයෙන් පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා - අධිකරණ ඇමැති(audio)

Published in පුවත්
Friday, 10 April 2015 13:09

ඉදිරි මහ මැතිවරණයෙන් පසු බලයට පත්වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.ඔහු මෙම අදහස් ඉදිරිපත් කළේ අද(10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අග‍්‍රාමාත්‍යවරයාට වැඩි බලතල පැවරෙන වගන්ති කිහිපයක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයෙන් ඉවත් කර ගන්නා බව අධිකරණ අමාත්‍යවරයා පැවසුවේය.

අදාළ වගන්ති සම්මත කිරීම සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයක්ද පැවැත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී තිබීම ඊට හේතුව බව අධිකරණ අමාත්‍යවරයා පැවසුවේය. අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා අග‍්‍රාමාත්‍යවරයා බවට දක්වා ඇති විධිවිධානයද මේ අනුව 19 වන සංශෝධනයෙන් ඉවත් කෙරෙනු ඇත.

අමාත්‍යවරුන් මාරු කිරීමට සහ අමාත්‍යවරුන්ගේ විෂය මාරු කිරීමට අග‍්‍රමාත්‍යවරයාට පවරා ඇති බලයද 19 වන සංශෝධනයෙන් ඉවත් කර ගන්නා බව අධිකරණ අමාත්‍යවරයා පැවසුවේය.

මෙහිදී ඔහු වැඩි දුරටත් පැවසුවේ කලකල පසු අධිකරණය ස්වාධීනව කටයුතු කර කිසිදු බලපෑමකින් තොරව ස්වාධීන තීන්දුවක් ලබාදී අැති බවයි. පසු ගිය අාණ්ඩු සමයේ අධිකරණය විධායකයේ බලපෑමට ලක්වූ අවාසනාවන්ත යුගයක් පැවති බව සිහිපත් කළේය.

රටට නොගැළපෙන ව්‍යවස්ථාව් නිසා විනාශයට පත්වූ අවස්ථා දක්නට ලැබෙන බවත් විධායක ක්‍රමය පවතින දියුණු වන රටවල් 31 ක් පවතින බවත් ඒ රටවල් 31ම අසාර්ථක බව පර්යේෂණයක් මගින් හෙළිවී අැති බවත් සදහන් කළේය.

78 අාණ්ඩු ක්‍රම වයවස්ථාව ලියූ පුද්ගලයා ඉන් වසර දෙකකට පසුව කෘතියක් ලියමින් සදහන් කර අැත්තේ මෙම ක්‍රමය අවසාන වන්නේ ඒකාධිපතියෙකු බිහිවීමෙන් බවයි යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

{soundcloud}https://soundcloud.com/lankadaily/vijayadasa-rajapaksha{/soundcloud}

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us