ලොතරැයි මණ්ඩලයේ මිලියන 375ක් දේශපාලනයට යොදවලා(audio)

Published in පුවත්
Saturday, 11 April 2015 08:18

ජාතික ලොතරැයි මණ්ඩලය වෙනුවෙන් වෙන් කළ රුපියල් මිලියන 375ක් පැවැති ආණ්ඩුව සිය දේශපාලන ව්‍යාපෘති සඳහා යොදවා ඇතැයි අනාවරණ වූ බව එම මණ්ඩලයේ සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා පවසයි.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනිය මේ බව කියා සිටියේ ඊයේ (10) මුදල් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවක දීය.


මෙම මුදල වැය කර ඇත්තේ අයවැයෙන් ආයතන ප්‍රවර්ධනය සඳහා වෙන්කර තිබූ මුදලින් බව ඇය සඳහන් කළාය.

පසුගිය වසරේ අයවැයෙන් ආයතන ප්‍රවර්ධනය සඳහා රුපියල් මිලියන 400ක් වෙන් කර තිබුණු බවත්, ඉන් මිලියන 375ක් මෙලෙස පසුගිය ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘති සදහා වැය කර ඇතැයි ද ඇය පෙන්වා දුන්නාය.

ඒ අනුව ඉකුත් වසරේ නොවැම්බර්, දෙසැම්බර් සහ මෙම වසරේ ජනවාරි යන මාසවල මෙම මුදලින් මිලියන 200ක් වැය කර ඇති බව ඇය කියා සිටියාය.

මෙම අවස්ථාවට එක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ සංවර්ධන අඩු වී නොමැති බව හා දූෂණය නැවතී ඇති බවයි.බදු ගෙවන්නන්ගේ මුදල් මනා කළමනාකාරිත්වයකින් යුතුව භාවිතා කිරීමට වන රජය කටයුතු කරන බවයි.

මෙවැනි දූෂණ වළැක්වීමට කටයුතු කරන විට සංවර්ධන අඩු අඩුවී ඇති බවට විපක්ෂය චෝදනා කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවවේය.

{soundcloud}https://soundcloud.com/lankadaily/sharmila-perera{/soundcloud}

{soundcloud}https://soundcloud.com/lankadaily/ravi-karunanayaka{/soundcloud}

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us