ප්‍රවීණ සංගීතඥ නිමල් මෙන්ඩිස් අභාවප්‍රාප්තවේ

Published in පුවත්
Thursday, 16 April 2015 11:33

ප්‍රවීණ සංගීතඥයෙකු වූ නිමල් මෙන්ඩිස් මහතා අද (16)පෙරවරුවේ අභාවප්‍රාප්තවී තිබේ.

මෙරට සංගීතයේ නව වෙනස්කම් රැසකට දායක වූ නිමල් මෙන්ඩිස් මහතා චිත්‍රපට රැසකට සංගීතය නිර්මාණය කළේ ය.

බටහිර සංගීත ආර, මෙරට සංගීතයට මුසු කිරීමට ඔහු දැක්වූ දක්ෂතාව හේතුවෙන් ඔහුගේ නිර්මාණ ජන හදවත් තුළ අදටත් ජනප්‍රියය.

නිම්හිම් සෙව්වා මා සසරේ, ගඟ අද්දර ආදී ගීත රැසක් අතිශය ජනප්‍රිය විය.

තමාට ආවේණික ශෛලියක් ගොඩනැගු නිමල් මෙන්ඩිස් 1980 “ගඟ අද්දර “චිත්‍ර පටියට හොඳම සංගීතය වෙනුවෙන් සරසවි සම්මානයද,නිර්මාණශිලි සිනමා සංගීතය සඳහා 1979 “අහසින් පොළොවට“ චිත්‍ර පටිය වෙනුවෙන් O.C.I.C සම්මානය ද,1983 සංගීතයට කල මෙහෙවර වෙනුවෙන් ජනාධිපති සම්මානයද 1997දක්ෂතම සංගීත අධ්‍යක්ෂණයට හිමි ජනාධිපති සම්මානයද දිනා ගෙන ඇත.

තනුවක මිහිර හදුනාගෙන තනුවට ගැලපෙන හඬ මුසු කිරිමේ දක්ෂතාවය ඇති හෙතෙම එංගලන්තයේ Performing Right Society Life හි සාමාජිකයෙකු වන අතර ශ්‍රී ලංකා සංගීත ලොවට කල සේවය අපරිමිතය.

{youtube}https://www.youtube.com/watch?v=0ZPAgubPEjs{/youtube}

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us