'අපි කාටවත් කොන්ද නමන්නේත් නැ' -චම්පික

Published in පුවත්
Friday, 25 July 2014 11:09

විද්‍යාත්මක පර්යේෂණ ඇතුළු අනෙකුත් සෑම ක්ෂේත්‍රයක පැන නගින ගැටළුවලදී ඒ සම්බන්ධව අවබෝධයකින් තොරව මෙන්ම විද්‍යාත්මක විමර්ශනයකිත් තොරව මාධ්‍යයට යම් යම් ප්‍රකාශ නිකුත් නොකළ යුතු බවත් එමඟින් මහජනතාව නොමඟ යැවීමට කටයුතු නොකළ යුතු බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටී.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (24) දහවල් "අයිස්ක්‍රීම්වල DCD පරීක්ෂණ තහවුරු කිරීම උදෙසා" කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

පොසොන් පොහොය සමයේ රටපුරා වැඩි වශයෙන් පැවැත්වූ අයිස්ක්‍රීම් දන්සල්වලදී ලබාදුන් අයිස්ක්‍රීම් වල DCD අඩංගු බවට කාර්මික තාක්ෂණ ආයතනය(ITI) පර්යේෂණ මඟින් තහවුරු කරන ලද අතර එහි ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් පර්යේෂණ වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කොට තිබේ.

එම අමාත්‍යාංශය ඒ පිළිබඳව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය සමඟ එක්වී පරීක්ෂණ සිදුකරන අතර එහෙත් යම් යම් සංවිධාන හා යම් යම් වෘත්තීයෙවිදීන් විසින් කාර්මික තාක්ෂණ ආයතනයට DCD පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය තාක්ෂණය හා පහසුකම් නොමැති බව පවසමින් විවිධ ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත්කර තිබේ.

ජාත්‍යන්තරව පිළිගත් සම්මත ක්‍රමවේදයන්ට අනුව පර්යේෂණ කටයුතු සිදු කරන කාර්මික තාක්ෂණ ආයතනය DCD මෙරටට ඇතුළුවී තිඛෙන බව අනාවරණය කරමින් 2013 වර්ෂයේ ජුලි 26 වනදා කරුණු දැක්වීය.

මෙරටට වාර්ෂිකව ගෙන්වනු ලබන කිරිපිටි ටොන් 80,000 න් 70,000 ක්ම ගෙන්වනු ලබන්නේ නවසීලන්තයෙන් වන අතර නවසීලන්තය පවා අපගේ කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණ වාර්තා පිළිගනිද්දී අපේ රටේ ඇතැම් පිරිස් ඒවා පිළිගත නොහැකි යැයි පැවසීම කණගාටුවට කරුණක් බවද අමාත්‍ය චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

ආහාර සුරක්ෂිතතාව පිළිබඳව පරීක්ෂා කරන රජය සතු ප්‍රධානම ආයතනය කාර්මික තාක්ෂණ ආයතනය වන අතර ජාත්‍යන්තර සම්මත ක්‍රමවේදයන්ට අනුව පර්යේෂණ සිදු කෙරෙන මෙහි ඒ සඳහා අවශ්‍ය සියළු පහසුකම්වලින් පරිපූර්ණ බව තමන් වගකීමෙන් යුක්තව ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

එමෙන්ම කාර්මික තාක්ෂණ ආයතනය පර්යේෂණ සිදුකර වාර්තා ඉදිරිපත් කිරීම පමණක් සිදුකරන අතර එයට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලයක් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඉදිරියේදී ආනයනික විලවුන් වර්ග ක්‍රීම් වර්ග හා ආනයනික පලතුරු පිළිබඳවත් පරීක්ෂණයන් සිදු කිරීමට ITI ආයතනය කටයුතු යොදා ඇත.

පසුගිය පොසොන් සමයේ අග නගරය ආශ්‍රිත බොහෝ නගරවල අයිස්ක්‍රීම් දන්සල් වැඩි වශයෙන් පැවැත්වුණු අතර එම දන්සල් වලින් ලබාගත් අයිස්ක්‍රීම් සාම්පල පරීක්ෂා කිරීමේදී ඒවායේ DCD රසායනිකය අඩංගු බව තහවුරු විය. පසුගිය කාලයේ නවසීලන්තයෙන් ගෙන්වා තිබූ කිරිපිටි විශාල ප්‍රමාණයක් DCD රසායනිකය අඩංගු වීම නිසා වෙළෙඳපොලෙන් ඉවත්කිරීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කළ අතර එම ක්‍රමවේදය නිසි ලෙස සිදුවී තිබේද යන්න පිළිබඳව ගැටළු පැන නැගී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දන්සල් සෞඛ්‍යාරක්ෂිත ලෙස පවත්වන්නේද යන්න පිළිබඳව පමණක් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පරීක්ෂා කරන අතර ආහාර ද්‍රව්‍ය විද්‍යාත්මක ලෙස පරීක්ෂා නොකරන බවත් ඒ තුළින් කාර්මික තාක්ෂණ ආයතනයට DCD පරීක්ෂණ සඳහා පිළිගත් ක්‍රමවේදයක් නොමැති යැයි පැවසීම කණගාටුවට කරුණක් බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us