'බන්දුල කිවුවට 2500කින් බෑ' -අමුණුගම

Published in පුවත්
Friday, 25 July 2014 11:07

මෙරට නාගරික ප්‍රදේශවල පදිංචි සාමාජිකයන් හතර දෙනකු සිටින පවුලක සාමාන්‍ය මාසික වියදම රුපියල් පනස්‌නමදහස්‌ එකක්‌ බව ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති සහ මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

ග්‍රාමීය ප්‍රදේශවල පවුලක සාමාන්‍ය මාසික වියදම රුපියල් තිස්‌හත්දහස්‌ පන්සිය හැට එකක්‌ බවද, වතුකරයේ පවුලක මාසික වියදම රුපියල් විසිනවදහස්‌ හත්සිය හැත්තෑ නමයක්‌ බව ද ඇමැතිවරයා පැවසිය.

නාගරික ගෘහ ඒකකයක ආහාර සඳහා රුපියල් දහඅටදහස්‌ පන්සිය දහතුනක්‌ද, ආහාර නොවන ද්‍රව්‍ය සඳහා රුපියල් හතළිස්‌දහස්‌ හාරසිය අසූහතක්‌ද මාසික වියදම වන අතර ග්‍රාමීය ගෘහ ඒකකයක ආහාර සඳහා රුපියල් දාහතර දහස්‌ හත්සිය හතරක්‌ද, ආහාර නොවන ද්‍රව්‍ය සඳහා රුපියල් විසිදෙදහස්‌ අටසිය පනස්‌ හතක්‌ වැය වන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

වතු ක්‍ෂේත්‍රයේ ගෘහ ඒකකයකට ආහාර සඳහා රුපියල් දාහතරදහස්‌ හත්සිය හෑත්තෑ නමයක්‌ද ආහාර නොවන ද්‍රව්‍ය සඳහා රුපියල් පහළොස්‌දහසක්‌ද මාසිකව වැයවන බව කී ඇමැතිවරයා එක්‌ පවුලක්‌ සඳහා මාසිකව වැඩිම වියදම දරන්නේ කොළඹ දිස්‌ත්‍රික්‌කයේ බවද කීය.

ඔවුනගේ මාසික වියදම රුපියල් හැටතුන්දහස්‌ තිහක්‌ බවද ඉන් ආහාර සඳහා රුපියල් දහනව දහස්‌ දෙසිය හතළිස්‌ හයක්‌ද, ආහාර නොවන වියදම් සඳහා රුපියල් හතළිස්‌ තුන්දහස්‌ හත්සිය අසූහතරක්‌ වියදම් කරන බව ද ඇමැතිවරයා කීවේය.

(දිවයින)

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us