ජඩ බලයට එරෙහිව ජන බලය 27දා පාර්ලිමේන්තු පාරට

Published in පුවත්
Wednesday, 22 April 2015 14:45

දූෂිතයන්, තක්කඩියන්, ජවාරම්කාරයන් සහ වංචනිකයන් ආරක්ෂා කිරීම සඳහා විපක්ෂය 19 ව්‍යවස්ථා සංශෝධනය ප‍්‍රාණ ඇපයට ගැනීමට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ලබන 27 වෙනිදා සංවිධානය කිරීමට පොදු අපේක්ෂකයා ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කළ සිවිල් සහ වෘත්තීය සංවිධාන 40ක් තීරණය කර තිබේ.

19 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරු පිරිසක් ජාතික හෙළ උරුමය සමඟ එක්ව පාර්ලිමේන්තුවේ දී කටයුතු කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට කොළඹදී එක් වූ එම සංවිධාන නියෝජිතයෝ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව ජඩ බලයට එරෙහිව නොපමාවම පුරවැසි ජන බලය වීදි බැසිය යුතු බවට ඒකමතිකව තීරණය කර ඇත.

19 වෙනි සංශෝධනය විවාදයට ගැනීමට නියමිත ලබන 27 වෙනිදා රාජගිරියේ සිට පාර්ලිමේන්තුව දක්වා විරෝධතා පෙළපාලියක් පැවැත්වීමට ද ඔවුහු තීරණය කළහ.
පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අනුග‍්‍රහයෙන් විවිධාකාර දූෂණවල නියැළි සහ විවිධ වරප‍්‍රසාද භුක්තිවිදි සන්ධාන මන්ත‍්‍රීවරුන් මේ වන විට යහපාලන ආණ්ඩුවේ කටයුතුවලට බාධා කරමින් කුමන්ත‍්‍රණකාරි ලෙස ජනවරම පරාජය කිරීමේ ප‍්‍රයත්නයක නියැළී සිටින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ දූෂිතයන් ආරක්ෂා කිරීම සඳහා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප‍්‍රාණ ඇපයට ගෙන ඇති බවත් එම සංවිධාන නියෝජිතයන්ගේ අදහස විය. ඊට කිසිසේත් ඉඩ දිය නොහැකි බව තීරණය කළ ඔවුහු විපක්ෂයේ බලපෑම් මත දූෂිතයන්ට එරෙහිව ගෙන යන නීතිමය කටයුතු වෙනස් නොකළ යුතු බවත් ඒවා ඒ ආකාරයෙන්ම සිදුකරගෙන යා යුතු බවත් ජනාධිපතිවරයාට දැනුම්දීමට තීරණය කළහ.

ඒ හේතුවෙන් 19 වෙනි සංශෝධනය සම්මත කරගැනීමට නොහැකි වන්නේ නම් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමටද ඔවුහු තීරණය කළහ.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, වමේ කේන්ද්‍රය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය, ලංකා ගුරු සංගමය, පුරවැසි බලය, සෞඛ්‍ය සේවා වෘත්තීය සමිතිය, පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඇතුළු සංවිධාන 40ක නියෝජිතයන් ද මාධ්‍යවේදීන් කලාකරුවන් සහ සිවිල් සමාජ ක‍්‍රියාකාරීකයන් පිරිසක් ද මෙම විශේෂ සාකච්ඡාවට සහභාගි වූහ.

poix

 

 

Last modified on Wednesday, 22 April 2015 14:56

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us