චෝදනාවලට උත්තර හොයන්න ගෝඨාට මාස 3ක්‌ කල් දීලා

Published in පුවත්
Friday, 24 April 2015 07:24

මිහින් ලංකා ගුවන් සේවා සමාගම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවක්‌ පිළිබඳව ප්‍රකාශයක්‌ ලබා ගැනීම සඳහා ඊයේ (23 වැනිදා) අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවූ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එම ප්‍රකාශය ලබාදීම සඳහා මාස තුනක කාලයක්‌ ලබාදීමට කොමිසම ඊයේ (23 දා) පියවර ගෙන තිබේ.

මෙම ගනුදෙනුව වසර හතකට (07) ඉහත සිදුවූවක්‌ බැවින් ඒ පිළිබඳ නිසි මතකයක්‌ නොමැති බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට දන්වා ඇති අතර ඒ සඳහා දින අනූවක කාලයක්‌ ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

අදාළ ඉල්ලීමට කැමැත්ත පළ කරමින් මෙම කාලය ලබාදුන් බව අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙක්‌ පැවැසීය.

චෝදනා අධ්‍යයනය කර ලියවිලි සහිතව විධිමත් ප්‍රකාශයක්‌ එම කාල සීමාව තුළ ලබාදීමට කටයුතු කරන බව එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා කොමිසමට දැන්වූ බවද එම නිලධාරියා පැවැසීය.

Last modified on Friday, 24 April 2015 07:31

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us