දින 100 සාර්ථකයි - බිඳී ගිය විදෙස් සබඳතා යළි ශක්තිමත් වූවා

Published in පුවත්
Friday, 24 April 2015 10:12

බිඳ වැටී තිබූ විදෙස් සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට හැකි වීම දින සියය තුළ කරනු ලැබූ සාර්ථකම කාර්යය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ, තමන් බලයට පැමිණෙන විට විදේශීය රටවල් රැසක් ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි වෛරයෙන් පසුවූ බවයි.

එහෙත්, ආණ්ඩුව ගෙන ගිය වැඩපිළිවෙළ තුළ එම රාජ්‍යයන් සියල්ල ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එකඟ වී ඇති බව ‘ ජාතියම එක්සත්කරන නිදහස් යුගයක් ’ යන මැයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් විහාාරමහාදේවි උද්‍යානයේදී පැවැති සම්මන්ත්‍රණයට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේය.

විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කිරීම සඳහා 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමට සියලූ දෙනා අත එසවිය යුතු බව මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.

මේ අතර, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා අදහස් පළ කළේය.

ඔහු කියාසිටියේ, දූෂිතයන් පාර්ලිමේන්තුවට ඇතුළු වන වත්මන් ඡන්ද ක්‍රමය වෙනස් කිරීම කඩිනමින් සිදුවිය යුතු බවයි.ඒ සඳහා අවශ්‍ය සියලූම කටයුතු වත්මන් ආණ්ඩුව සිදුකරමින් සිටින බවද මෛත්‍රීපාල සිරිසේන මහතා කියාසිටියේය.

ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

prasidantmy3 1

prasidantmy3 3

 prasidantmy3 4

prasidantmy3 5

prasidantmy3 2

prasidantmy3 6

prasidantmy3 7

prasidantmy3 9

prasidantmy3 8

Last modified on Friday, 24 April 2015 10:29

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us