තඹ ගනුදෙනුව ගැන සුජිව සේරසිංහ කතා කරයි(audio)

Published in පුවත්
Tuesday, 28 April 2015 13:14

රුපියල් මිලියන සියයක රේගූ බදු වංචාවක්‌ හේතුවෙන් රේගුව විසින් රඳවාගෙන සිටින පුද්ගලික සමාගමකට අයත් තඹ කන්ටේනර් දෙකක්‌ නිදහස්‌ කරන ලෙස ඉල්ලමින් තමාට විරුද්ධව පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව නියෝජ්‍ය ඇමැති සුජිව සේරසිංහ මහතා පවසයි.ඔහු මේ අදහස් පැවසුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙය පුද්ගලික දේශපාලන පළිගැනීමක් උදෙසා වන අරමුණකින් සිදු කළ මඩ ගැසීමක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

මෙම තඹ කන්ටේනර් දෙක සම්බන්ධයෙන් නඩු විභාගයට තමා පෙනී සිටියේ නීතිඥයෙකු ලෙස බවත් පසුව නියෝජ්‍ය ඇමැතිවරයෙකු බවට පත්වීමෙන් පසු එය සදාචාරාත්මක බවින් තොර බැවින් එම නඩුවෙන් ඉවත්වීමට කටයුතු කළ බව ඔහු පැවසුවේය. පසුව සේවාදායකයාට නිසි සාධාරණයක් ඉටු නොවූ නිසා ඔහුගේ ඉල්ලීම මත ඒ පිළිබදව යළි නීතියට අනුව කටයුතු කළ බවත් ඒ මහතා පැවසුවේය.

එක්තරා පුවත්පතකින් තමාට දුරකතන ඇමතුමක් ලබාදී සියලු තොරතුරු ලබා ගෙන පසුව එය වාර්තා කර තිබූ ස්වරූපය නිසා තමා අපහසුතාවයකට පත්වී ඇති බවත් එම මාධ්‍ය ආයතනයට විරුද්ධව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මාධ්‍ය වලින් ඉල්ලා සිටියේ වගකීමෙන් යුතුව මාධ්‍ය වාර්තා පළ කරන ලෙසයි.

සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාවට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/sujeewa-serasinghe{/soundcloud}

සබැදි පුවත්
තඹ කන්ටේනර් නිදහස්‌ කරන්න නි. ඇමැති කළ බලපෑම් රේගුව බල්ලට දමයි

Last modified on Tuesday, 28 April 2015 15:37

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us