විධායකය ඇති කල එජාපයම විධායකය නැති කළා

Published in පුවත්
Wednesday, 29 April 2015 12:16

විධායක ජනාධිපති ධුරය ඇති කළ එක්සත් ජාතික පක්ෂයම එහි බලතල ඉවත් කිරීමටත් කටයුතු කළ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

අමාතවරයා මේ බව පැවසුවේ උතුරු කොළඹ පැවැති ජනහමුවකට එක්වෙමිනි.

විධායක ජනාධිපති ධුරය ඇති කිරීමෙන් රටට යම් අගතියක් සිදු වූයේ නම් එය ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවකට ම හැකි වූ බව අමාත්‍යවරයා කියා සිටියේය.

විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීම නොව එය අහෝසි කිරීමට මෙතෙක් කලක් ගතවීම ගැටලු සහගත විය.

එක්සත් ජාතික පක්ෂයේ ම ඇතැම් පිරිසක් ද මීට එරෙහි වු අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පෙරමුණු සන්ධානවලින් බලයට පත් සියලු දෙනා විධායක බලතල ඉවත් කරන බවට පොරොන්දු වු නමුත් ඒවා පොරොන්දුවලට පමණක් සීමා වූ බව රවී කරුණානායක අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එහෙත් මෛත්‍රී - රනිල් යහපාලන ආණ්ඩුව ලබා දුන් පොරොන්දු ඒ අයුරින් ම ඉටු කරමින් විධායක බලතල ඉවත් කිරීමට කටයුතු කළ බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ලංකා පුවත්

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us