උතුරේ මාධ්‍යවේදීට කරන හිරිහැර නවත්වන්න

Published in පුවත්
Thursday, 30 April 2015 07:17

උතුරේ මාධ්‍යවේදීන්ට සිදුවන මරණ තර්ජන පහරදීම්, හිරිහැර හා බලපෑම් නවතාලීමට කඩිනමින් පියවර ගන්නැයි දෙමළ ජාතික සන්ධානය, මහජන සාමය හා කි‍්‍රස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් ඊයේ (29) වැනි දා ඇමැති ජෝන් අමරතුංග මහතා හමුවී මෙම ඉල්ලීම කර තිබේ. උතුරේ මාධ්‍යවේදීන්ට දිනෙන් දින බලපෑම් හා හිරිහැර වැඩිවෙමින් පවතින බවත් ඒ නිසා ඔවුන් දැඩි පීඩනයකට ලක්ව ඇති බවත් දෙමළ ජාතික සන්ධානය තවදුරටත් පෙන්වා දී ඇත.

යාපනයේ මාධ්‍යවේදීන් තිදෙනකුට මරණ තර්ජන සිදුව ඇති බවත් තවත් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් මේවා වැළැක්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ඔවුන් තවදුරටත් ඉල්ලා තිබේ.

මෙහිදී ජෝන් අමරතුංග මහතා පවසා ඇත්තේ මාධ්‍යවේදීන්ට සිදුව ඇති බලපෑම් හා හිරිහැර පිළිබඳ සොයාබලන බවත් ඒ පිළිබඳ කඩිනමින් පියවර ගන්නා බවත් ය.

මෙම හමුවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්, සෙල්වම් අඩෙයිකලනාදන් හා ඊ. සරවනභවන් යන අය සහභාගි වී තිබේ.

 

rivira

Last modified on Thursday, 30 April 2015 07:24

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us