චන්ද්‍රිකාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Published in පුවත්
Thursday, 30 April 2015 13:33

වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ යන මහත්වරුන් අද (30) අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පාර්ශවකරුවන් ජෝන් කීල්ස් සමාගමට කොළඹ වරායේ අක්කර 10 ක බිමක් නැව්වලට තෙල් සැපයීමේ කටයුතු සඳහා පෞද්ගලික අංශයට පැවරූ ආකාරය වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කළත් වසර ගණනාවක් යනතුරු නීතිපති රහස් පොලිසිය හා අල්ලස් කොමසාරිස් ඒ සම්බන්ධයෙන් කිසිත් ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි මන්ත්‍රී වාසුදේව නානායක්කාර හා විමල් වීරවංශ මහත්වරු අද (30) අල්ලස් කොමිසමට යළිත් සිහි කැඳවීමක් කළහ.

2007 වර්ෂයේදී දී හිටපු ජනපතිනිය ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අනුව එම ගනුදෙනුව නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ බවත් ඒ අනුව ජෝන් කීල්ස් සමාගමෙන් එම ඉඩම යළි පවරාගත් බවද සේවකයනට වන්දි ගෙවූ බවද එහෙත් වැරදි කළවුන්ට මෙතෙක් දඬුවම් දී නැති බවද එය ශ්‍රේෂ්ඨාධිකරණ නීතිය කඩකිරීමක් බවද වාසුදේව නානායක්කාර පවසයි.

එය කඩිනමින් විභාග වී නොමැති බැවින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අල්ලස් කොමිසමට අද දිනයේදී පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us