මෛත‍්‍රී, නිමල්, ජෝන්, විමල්, චම්පික කැපෙති !

Published in පුවත්
Saturday, 26 July 2014 15:20

ඉදිරි ජනාධිපතිවරණය හා අනෙකුත් මැතිවරණ ඉලක්ක කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය සහ පුද්ගලික මාධ්‍ය දේශපාලන වැඩසටහන් රජයේ අරමුණු ඉෂ්ඨ වෙන පරිදි මෙහෙයවා ගැනීමට ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාගේ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් චරිත හේරත්ගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බව වාර්තාවේ.

පුද්ගලික රූපවාහිනී නාලිකාවල විකාශනය වන ජනපි‍්‍රය දේශපාලන වැඩසටහන් ඉල්ලා මෙම මෙහෙයුම් කමිටුව රජය පාර්ශ්වයෙන් සහභාගි වන විශේෂ කථිකයන් 21 දෙනෙකු නම් කර ඇති අතර ශාන්ත බණ්ඩාර, රෝහිත අබේගුණවර්ධන, අනුර පි‍්‍රයදර්ශන යාපා, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, පවිත‍්‍රා වන්නිආරච්චි, වාසුදේව නානායක්කාර, ඩිලාන් පෙරේරා, රාජිත සේනාරත්න, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර, අරුන්දික ප‍්‍රනාන්දු, රංජිත් සොයිසා යන මැති ඇමතිවරුන් මෙම ලේඛනයේ මුලින්ම කියවෙන අතර මාධ්‍ය ආයතන තම තමන්ගේ දේශපාලන වැඩ සටහන්වලට ආණ්ඩුව පාර්ශ්වයෙන් මෙම 21 දෙනා අතරින් කෙනකු පමණක් තෝරා ගත යුතු යැයි කොන්දේසියක් පනවා ඇත.

ඉහත කොන්දේසියට අමතරව අදාළ මාධය මෙහෙයුම් කමිටුව පසුගිය සතියේ සිට විශේෂයෙන් පුද්ගලික රූපවාහිනී නාලිකාවල විකාශය වන දේශපාලන වැඩ සටහන්වලට අදාළව මාතෘකාව තීරණය කිරීමේ අයිතියද තමන් සතු කරගෙන ඇතැ’යි දැනගන්නට ලැබේ.

ඉහත 21 දෙනා තේරීමේදී මඩ ප‍්‍රහාර දියත් කිරීම, එක් එක් ජනවර්ගය , ආගමික පසුබිම මුල් කරගෙන කතා පැවැත්වීම රජයේ සංවර්ධන යෝජනා ක‍්‍රම වර්ණනා කිරීම, විපක්ෂය ප‍්‍රබලව විවේචනය කිරීම ආදී ක්ෂේත‍්‍රද සැලකිල්ලට ගෙන ඇතැ’යි දැනගන්නට ලැබේ.

මෛත‍්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, විමල් වීරවංශ, පාඨලී චම්පික රණවක ආදී රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ නම් මෙම ලේඛනය තුළ නොමැත.

(රාවය)

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us