ජනගහණය ලක්ෂ 210යි: දුරකථන ලක්ෂ 220යි !

Published in පුවත්
Saturday, 26 July 2014 15:36

ශ‍්‍රී ලංකාවේ ජනගහණයටත් වඩා වැඩි ප‍්‍රමාණයක් දැන් දුරකථන භාවිත කෙරෙන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. සන්නිවේදනය එලෙස දියුණු වීමෙන් යහපත් ප‍්‍රතිඵල මෙන්ම ඇතැම් අයහපත් ප‍්‍රතිඵල ද තිබෙන බව ද අමාත්‍යවරයා කියා සිටියි.

මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් සංවිධාන කෙරෙන අන්තර්ජාතික ආයුර්වේද අධ්‍යාපන හා වාණිජ ප‍්‍රදර්ශනයට මහනුවරදී ඊයේ සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

"ලංකාවේ ජනගහණය ලක්ෂ 210 යි.... දුරකථන තියනවා ලක්ෂ 220 ක්.... ජනගහණයට වැඩිය තියනවා දුරකථන... මේ නෝනා මහත්වරුන්ගෙන් ඇහුවොත් බෑග් වල තියනවා ටෙලිෆෝන්... කන්තෝරුවලත් පැය භාගයක් වෙන් කරන්න ඔනි ටෙලිෆෝන් එකෙන් කතා කරන්න වෙන වෙන වල් පල්..... ආණ්ඩුවේ පඩිය අරගෙන පැයක් පැය භාගයක් කතා කරනවා ටෙලිෆෝන් එකෙන්... "

තාක්ෂණයේ දියුණුවත් සමග ජනතාවගේ ජීවන රටාවන් ද වෙනස් වී ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කල ඇමතිවරයා, කොළඹ හතට සීමා වී තිබූ රූපලාවණ්‍යාගාර මේ වන විට රට පුරා ව්‍යාප්ත වී ඇති බවද කියා සිටියේ ය.

මෙමගින් නව ව්‍යාපාර අවස්ථා ද නිර්මාණය වී ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us