අමරිකානු මිත්‍රත්වයේ තරම පෙන්වන්න කෙරී අද එයි

Published in පුවත්
Saturday, 02 May 2015 07:07

ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර තිබෙන ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා අද (02) ශ්‍රී ලංකාවට පැමිණෙයි.

විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතාගේ ආරාධනයකට අනුව එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ඒ මහතාගේ මෙම සංචාරය ශ්‍රී ලංකාවට සහ අමෙරිකා එක්සත් ජනපදයට අතිශය වැදගත් වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

1972 වසරේ දී විලියම් පියර්ස් රොජස් මහතාගේ පැමිණීමෙන් අනතුරුව නිල වශයෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය බව පෙන්වාදෙන විදේශ කටයුතු අමාත්‍යාංශය 2004 වසරේ දී ඉන්දියානු සාගරයේ සිදුවූ සුනාමි ව්‍යසනයෙන් අනතුරුව එවකට සිටි අමෙරිකානු රාජ්‍ය ලේකම් කොලින් පවල් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බවද සිහිපත් කරයි.

රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ශ්‍රී ලංකාවේ රැදී සිටින කාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බැහැ දැකීමට නියමිත අතර අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහත්වරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.


ඊට අමතරව ඒ මහතා ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ නියෝජිතයන්, සිවිල් සංගම් නියෝජිතයන් ද හමුවීමට නියමිත අතර විදේශ කටයුතු ඇමැතිවරයාගේ ආරාධනයකට අනුව විශේෂ දේශනයක් කිරීමට නියමිත බවද කොළඹ ප්‍රදේශයේ තවත් ක්‍රියාකාරකම් රැසකට සහභාඟි වීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි. මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකාවේ සංචාරය දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා නව දැක්මක් ලබාදෙන සංචාරයක් ලෙස හැඳින්විය හැකි බව අමෙරිකානු ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකා ටෙරිස්ටා සාෆ ප්‍රකාශ කරයි. අමෙරිකානු හඬ ගුවන් විදුලි සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා නව රජයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් දක්වන යහපත් ආකල්පය මත ඇමෙරිකානු - ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් වනු ඇති බවද ඇය පෙන්වා දී ඇත.

Last modified on Saturday, 02 May 2015 07:34

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us