රටේ ආර්ථිකය ගොඩගන්න ඇමරිකාවේ සහය ඕනේ - මංගල

Published in පුවත්
Saturday, 02 May 2015 14:06
ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා හා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් අද උදෑසන පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ මංගල සමරවීර මහතා ප්‍රකාශ කරේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ  සහ වාර්ගික සාමය ඇති කිරීම සඳහා රජය කටයුතු කරමින් යන මෙවැනි මොහොතක ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීම ඉතා වැදගත් බවයි. 
 
 ආයෝජන හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇති නව රජයේ බලාපොරොත්තු  ශක්තිමත් කිරීම  සඳහා  ඇමරිකානු ආයෝජකයින්ගේ සහය ලැබෙනු ඇතැයි විශවාසයක් පවතින බව මංගල සමරවීර මහතා පවසයි. ජෝන් කෙරී මහතාගේ පැමිණීම ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ශක්තිමත් සබඳතාවයක් ගොඩනැගීමට හේතුවනු ඇති බවයි විදේශ කටයුතු ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි. 
 
ජෝන් කෙරී මහතාගේ ශ්‍රි ලංකා සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර වෙළදාම හා ආයෝජනය ඩොලර් බිලියන 2.5ක් දක්වා ඉහළ නැංවිමට ඇමෙරිකාවේ අවදානය යොමුව තිබෙන බව හින්දු පුවත් සේවය සඳහන් කරයි. 
 
එහිදී ප්‍රමුඛ වශයෙන්ම ශ්‍රී ලංකාවේ භාණ්ඩ ඇමෙරිකාව වෙත ආනයන කිරීම වෙනුවෙන් වැඩි අවදානයක් යොමුකරයි. මෙහිදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය ඉහළ නැංවීම, දූෂණය පිටුදැකීම වැනි ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කිරිමට නියමිත බව වාර්තා වේ.
 
kerry1
 
kerry3
 
kerry5
 
kerry6
 
kerry2
 
 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us