ඕමාන් තානාපති හදිසියේ ගෙන්නයි

Published in පුවත්
Saturday, 26 July 2014 16:43

ඕමානයේ තානාපතිවරයා වන අශෝක ගිරිහාගම මහතාට කොළඹට වාර්ථා කරන ලෙස හදිසි කැඳවීමක් කර ඇති බව වාර්ථා වෙයි.

එරට ශ්‍රී ලාංකික ප්‍රජාව පවසන්නේ තානාපතිවරයාගේ දූර කාලය ඉදිරියට තිබියදීත් මෙලෙස හසිදි කැඳවිමක් කිරීම ප්‍රශ්ණ සහගත බවයි.

එමෙන්ම වසර 22 ක පමණ විදේශ සේවා පලපුරුද්දක් ඇති තානාපතිවරයා මේ අයුරින් හදිසියේ කැඳවීම නිසා ඔහුට රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙලකට යාමට ඇති අවස්ථාව ඇහිරී තිබීම ශ්‍රී ලංකාවට මහත් අගෞරවයක් බවද එරට ශ්‍රී ලාංකිකයෝ පවසති.

ඕමාන ජාතික හාම්පුතෙකුගෙන් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට සිදු වු අතවරයක් පිළිබඳ සිද්ධියක් එහි කම්කරු අංශයේ නිලධාරීන් විසින් යට ගසන ලදැයි තානාපතිවරයා මැදිහත් වී ඒ පිළිබඳව පරීක්ෂණ ඇරඹිම තානාපතිවරයාගේ හදිසි මාරුවට හේතුවක් ද යන්න ඔවුහු ප්‍රශ්ණ කරති.

එම ගෘහ සේවිකාව හාම්පුතාගේ අතවරයට ලක්ව ගැබ්ගෙන තානාපති කාර්යාලය බාරයේ ඇති ‘‘සුරක්ෂා‘‘ නිවසේ රඳවා සිටියදී ගබ්සාවක් සිදු කර ඇති බවට ගිය රාවයක් නිසා ඒ පිළිබඳ තානාපතිවරයා ස්වාධීන පරීක්ෂණයක් අරඹා ඇති බවද වාර්ථා වෙයි.

ඕමාන ශ්‍රී ලාංකික ප්‍රජාව පවසන්නේ තානාපතිවරයා මාරු කොට මේ සිද්ධීන් යට ගැසීමට කම්කරු අංශයේ ඇතැම් දූෂිත නිලධාරීන් උත්සහ කරන බවයි.

මේ සඳහා රජයේ ඇමතිවරයෙකුගේ සහායද ලැබී ඇති බව වාර්ථා වෙයි.

මේ පිළිබඳව පිළිතුරක් ලබා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යංශය ඇමතු විට එහි උසස් නිලධාරියෙක් පැවසුවේමේ පිළිබඳව තමන් නොදන්නා බැවින් සොයා බලා ලබන සතියේ පිළිතුරක් ලබා දෙන බවයි.

මේ අතර ‘‘සුරක්ෂා‘‘ නිවසේ රඳවා සිටින ගෘහසේවිකාවන් කිහිප දෙනෙකුම තම දිවි තොරකර ගැනීමට උත්සහ කර ඇති බැවින් එම කාන්තාවන්ගේ ජීවිත අනාරක්ෂිත බවද ඔවුහු කියති.

(ලංකාදීප)

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us